Home » පූජිතට-හේමසිරිට එරෙහි පාස්කු නඩු වෙනත් විනිසුරු මඬුල්ලකට යොමු කරන්නැයි ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පූජිතට-හේමසිරිට එරෙහි පාස්කු නඩු වෙනත් විනිසුරු මඬුල්ලකට යොමු කරන්නැයි ඉල්ලීම ප්‍රතික්ෂේපයි

by sachintha
January 29, 2025 3:02 am 0 comment

ප්‍රස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩු දෙකට අදාළ විත්තියේ සාක්ෂි විභාගය වෙනත් විනිසුරු මඬුල්ලකට යොමු කරන ලෙස අගවිනිසුරුවරියගෙන් ඉල්ලා සිටින්නැයි නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලෙන් කළ ඉල්ලීම එම විනිසුරුවරු ඊයේ (28දා) ප්‍රතික්ෂේප කළහ.

අවශ්‍ය නම් එම ඉල්ලීම නීතිපතිවරයාට අගවිනිසුරුවරියට යොමු කළ හැකි බව විනිසුරු මඬුල්ල පෙන්වා දුන්හ. මහාධිකරණ විනිසුරු මඬුල්ලට විත්තියේ සාක්ෂි විභාගයෙන් ඉවත්වීමට හෝ එවැනි ඉල්ලීමක් අගවිනිසුරුවරියගෙන් කිරීමට කිසිදු හේතුවක් නොමැති බව විනිසුරුවරු ඒ පිළිබඳ සිය නියෝගය දෙමින් ප්‍රකාශ කළහ. කොළඹ විශේෂ මහාධිකරණ විනිසුරුවරුන් වන ආචාර්ය නාමල් බලල්ලේ, මොහොමඩ් ඉර්ෂදීන්, ආදිත්‍යය පටබැඳි මහත්වරු හමුවේ මෙම නඩුව විභාගවේ.

බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජකාරී වගකීම පැහැර හැරීම ඇතුළු අධිචෝදනා 855ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව චෝදනා ගෙනු කරන ලදී. පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා සලකා බලා චූදිතයන් නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය 2022 වසරේ පෙබරවාරි 18දා නියෝග කළේය.

චන්දන ජයවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT