ශ්‍රී ලංකාවේ අංක එකේ සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්. විසින් පසුගියදා පැවැත්වූ ‘2024 ඩයලොග් පාසල් රග්බි සම්මාන’ උලෙළේදී පළමු දෙවැනි සහ තෙවැනි කාණ්ඩවල ශූරයන්ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උපහාර පිරිනැමූහ. හෙට දිනයේ ශූරයන් බලගැන්වීම වෙනුවෙන්, දිවයින පුරාම රග්බි ක්‍රීඩාව නැංවීම සඳහා වන සිය කැපවීම විදහා දක්වන ලදී.
ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් 90කට අධික සංඛ්‍යාවක් එක්වූ අතර මේ සම්මාන උලෙළේදී එම පාසල්වල සුවිශේෂී ජයග්‍රහණ සහ ඒවායේ කැපී පෙනෙන ක්‍රීඩකයෝ ඇගයීමට පාත්‍ර වූහ.
පළමු කාණ්ඩයේ ‘ඒ’ කොටසේ ශූරතාව දිනා ගැනීමට කොළඹ සාන්ත පීතර විදුහල සමත් වූ අතර, අනුශූරතාව ඉසිපතන විදුහලට හිමි විය. එහි ‘බී’ කොටසේදී මහානාම සහ ආනන්ද විදුහල් ශූරයන් බවට පත් විය. ලලිත් ඇතුලත්මුදලි සහ නුගවෙල මධ්‍ය මහ විදුහල් පළමු කාණ්ඩයේ ‘සී’ කොටසේ ශූරතා දිනා ගත්හ.
දෙවැනි කාණ්ඩයේ ‘ඒ’ කොටසේදී තල්දූව බෞද්ධ විදුහල සහ මහරගම මධ්‍ය මහ විදුහල ශූරතා දිනාගත් අතර, තෙවැනි කාණ්ඩයේ 1 සිට 7 දක්වා කොටස්වලදී ඔරුබැඳිවැව විදුහල, මදීනා විදුහල, මාතර සාන්ත සර්වේෂස්, බණ්ඩාරවෙල සාන්ත තෝමස්, බදුල්ල මධ්‍ය මහ විදුහල, ගිරාඳුරුකෝට්ටේ ජාතික පාසල සහ කොළඹ ඩඩ්ලි සේනානායක විදුහල් ශූරතා දිනා ගන්නා ලදි.
ඩයලොග් සමාගම ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සමඟ එක්ව ශ්‍රී ලංකාව පුරා පාසල් රග්බි ක්‍රීඩාව පෝෂණය කිරීමට සහ නංවාලීමට අඛණ්ඩව කටයුතු කරමින් සිටියි.