ඇෆ්ගනිස්තාන තලේබාන් පාලනය විසින් කාන්තාවන්ට ක්‍රීඩා කිරීම තහනම් කොට ඇති පසුබිමක කැරලිකරුවන්ට බියෙන් පලා ගොස් දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින සරණාගත ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා දේශසීමා රහිත ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතර තරගය හෙට මෙල්බර්න්හිදී පැවැත්වේ.
කාන්තාවන් නිෙවසටවී සිටිය යුතු බවත් කිසිදු හේතුවක් නිසා ක්‍රීඩාංගණයක නොසිටිය යුතු බවත්, එම නියෝග නොතකන කවරෙකුට හො දැඩි දඬුවම් ලබා දෙන බවත් තලේබාන් සංවිධානය පවසා සිටියදී ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩිකාවෝ උණ්ඩයට බිය නොවී පිටියට පිවිසීමට තීරණය කළහ.
වසර 2021න් පසු ඇෆ්ගනිස්තාන ක්‍රීඩිකාවන් ක්‍රිකට් ක්‍රීඩාවේ පෙනී සිටින පළමු අවස්ථාව මෙය වන අතර, තලේබාන් සංවිධානය අත්පත් කර ගැනීමත් සමඟ කණ්ඩායමේ සාමාජිකාවෝ ඔවුන්ගේ මව්බිමෙන් පලා ගියහ.
කාන්තා අළුබඳුන ටෙස්ට් තරගයේ ආරම්භක දිනයට පෙර මෙම තරගය පැවැත්වෙන අතර අනතුරුව ඔස්ට්‍රේලියාව දිවා – රාත්‍රී තරගයක් ලෙස එංගලන්තය සමඟින් තරග වදිනු ඇත. ක්‍රිකට් ඔස්ට්‍රේලියානු ප්‍රධාන විධායක නිලධාරී නික් හොක්ලි පවසන්නේ මෙය ඇෆ්ගනිස්තාන කාන්තා කණ්ඩායමට වැදගත් පියවරක් බවයි. මෙම තරගය වැදගත් සංවාද ඇති කර අවසානයේ කණ්ඩායම ජාත්‍යන්තර වේදිකාවට සහභාගි වීමට හේතු වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය.
ප්‍රින්ස් ගුණසේකර