Wednesday, April 23, 2025
Home » රෝහල්-පාසල් සඳහා සෝලා පද්ධති සවි කළත් ප්‍රයෝජනයක් නෑ

රෝහල්-පාසල් සඳහා සෝලා පද්ධති සවි කළත් ප්‍රයෝජනයක් නෑ

by sachintha
January 29, 2025 2:02 am 0 comment

පසුගිය රජයට ලැබුණු ආධාර මුදලකින් දිවයිනේ රෝහල් සහ පාසල් සඳහා හිරුඑළියෙන් විදුලිය ලබා ගත හැකි සෝලා පද්ධති විශාල ප්‍රමාණයක් විශාල මුදලක් වැයකොට සවිකොට ඇති අතර මේ වන විටත් එමඟින් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නොමැති බව එම ප්‍රදේශවාසීහු පවසති.

විශාල මුදලක් වැයකොට බද්දේගම රෝහල, අමිපෙගම විදුහල, බලගොඩ විදුහල සඳහා මෙම සෝලා පද්ධති සවිකොට දැනට මාස 07ක් 08ක් ගතවී ඇති අතර කිසිදු ප්‍රයෝජනයක් සඳහා ගෙන නොමැති බවත් පසුගිය රජය මඟින් මෙම සෝලා පද්ධති සවිකිරීමට සමාගමකට භාර දී ඇති අතර ඔවුන්ට ලබාදී ඇති මුදලින් වහල මත සෝලා සවිකොට ඇති අතර, විදුලිය සම්බන්ධ කිරීම ඔවුන්ගේ ඉතිරි මුදල් ලැබෙන තුරු නවතා දමා ඇති බව ඔවුන් පවසා සිටී. බද්දේගම රෝහලේ වහල මත සවි කොට ඇති මෙම සෝලා පද්ධතිය දැනට මාස 07ක් 08ක් ගතවී ඇතත් එම සමාගමෙන් තවමත් කිසිදු පියවරක් ගෙන නොමැති බව රෝහල් බලධාරීහු පෙන්වා දෙති.

මේ පිළිබඳව බද්දේගම විදුලි අධිකාරි සම්පත් මහතා පැවසුවේ විදුලි බල මණ්ඩලයෙන් එයට අවශ්‍ය වයර් හා මීටර් සඳහා ඇස්තමේන්තු කරන ලද මුදල් එම සමාගමෙන් ගෙවා ඇති නිසා අපි ඒවා ඉතා ඉක්මනට සවිකොට ලබා දුන්නා.

ප්‍රමාදයට හේතුවී ඇත්තේ එම සමාගමට රජයෙන් ගෙවීමට ඇති ඉතිරි මුදල් ගෙවීමට ප්‍රමාද නිසා ඔවුන්ගේ ඉතිරි වැඩ කොටස ප්‍රමාද වී ඇති බවයි.

බද්දේගම මධ්‍යම විශේෂ ජස්ටින් පතිරගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT