Monday, April 21, 2025
Home » දකුණු පළාතේ ඇතැම් පාසල් පළමු ශ්‍රේණියට ළමුන් ගන්න සල්ලි අරන්

දකුණු පළාතේ ඇතැම් පාසල් පළමු ශ්‍රේණියට ළමුන් ගන්න සල්ලි අරන්

-විදුහල්පතිවරුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නැයි දකුණු පළාත් සභාව කලාප අධ්‍යක්ෂකවරුන්ට දන්වයි

by sachintha
January 29, 2025 12:22 am 0 comment

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී මුදල් අය කිරීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැණිව දකුණු පළාතේ ඇතැම් පාසල්වල මුදල් අය කරන බවට තොරතුරු ලැබී ඇතැයි දකුණු පළාත් සභාව පවසයි. මේ සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා සංවර්ධන, මහාමාර්ග හා ප්‍රවෘත්ති අමාත්‍යාංශ ලේකම් ඒ.යූ. වේලාරත්න මහතා පළාතේ සියලුම කලාප අධ්‍යක්ෂවරුන්ට ලිපියක් යවමින් දැනුම්දී තිබේ.

පාසල් සංවර්ධන සමිති අනුමත පහසුකම් හා සේවා ගාස්තු මුදල හැර වෙනත් මුදල් එකතු කිරීමක් සෘජුව හෝ වක්‍රව සිදු කර ඇති බවට තහවුරු වුවහොත් ඒ සම්බන්ධයෙන් අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා සිය ලිපියක් මඟින් දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් සියලුම විදුහල්පතිවරුන් දැනුම්වත් කරන ලෙසද ලේකම්වරයා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දී ඇත.

මහීෂා නිර්වානි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT