Home » සංචාරක ආකර්ෂණය වැඩි කර ගන්න උතුරට සහ උඩරටට නව දුම්රිය වාර කීපයක්

සංචාරක ආකර්ෂණය වැඩි කර ගන්න උතුරට සහ උඩරටට නව දුම්රිය වාර කීපයක්

by sachintha
January 29, 2025 3:03 am 0 comment

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා කොළඹ සිට කන්කසන්තුරය දක්වා නව දුම්රියක් 31 වැනි දා සිට ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

උඩරට මාර්ගයේ දුම්රිය ගමන විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය වීම නිසා ELLA ODYSSEY COLOMBO දුම්රියේ (කොළඹ සිට බදුල්ල දක්වා) අමතර ගමන් වාර සංඛ්‍යාව වැඩි කර තිබේ. ලබන මස 10 සිට සෑම සඳුදා දිනකම මෙම දුම්රිය ගමන් කිරීමටත්, 11 වැනි දින සිට සෑම අඟහරුවාදා දිනකම නැවත කොළඹට පැමිණීමටත් කටයුතු යොදා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවැසීය.

ELLA ODYSSEY – KANDY ලෙස නම් වූ දුම්රිය මහනුවර සිට දෙමෝදර දක්වා සෑම සති අන්තයකම ගමන් අරඹන බව හෙතෙම සඳහන් කළේය. එම දුම්රිය මහනුවරින් පිටත්වීම පෙ.ව. 09.45ට බවත් එය දෙමෝදරට පස්වරු 5.22ට ළඟා වන අතර, දෙමෝදරින් පස්වරු 6. 00ට පිටත්ව මහනුවරට මධ්‍යම රාත්‍රී 12.05 ට ළඟා වන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවැසීය.

ජනවාරි මස 31 වැනි දින සිට කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා සහ පෙබරවාරි මස 01 වැනි දින සිට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා රාත්‍රී තැපැල් දුම්රිය දිනපතා රාත්‍රී 8.00ට කොටුවෙන් පිටත්ව අලුයම 4.35 ට කන්කසන්තුරේට ළඟාවන බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

කොළඹ කන්කසන්තුරය දුම්රිය තවත් සති දෙකක පමණ කාලයකින් පසුව ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ආරම්භ කර නැවතත් එම දුම්රිය ස්ථානයෙන් ගමනාන්තය අවසන් කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

ඡායරූප – විමල් කරුණාතිලක

සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ සහ නයෝමි ශර්මිලා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT