2025 දී ශ්‍රී ලංකාව 4% ඉක්මවන ආර්ථික වර්ධන වේගයක් අත්කර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (28) ලංකා වාණිජ මණ්ඩලයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් පැවසීය.
එය සාක්ෂාත් කර ගැනීම සඳහා සංචාරක, නාවික සහ සැපයුම්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය වැනි ප්‍රධාන තෙරපුම් අංශ හඳුනාගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී සඳහන් කළේය.
වරාය ක්ෂේත්‍රය පුළුල් කිරීමට රජය විශාල වශයෙන් ආයෝජනය කරනවා.
ඊට අමතරව වේගවත් ආර්ථිකයක් සඳහා සෘජු විදේශ ආයෝජන ප්‍රධාන වන බව අපි හඳුනාගෙන තිබෙනවා යැයිද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කරනු ලැබීය.
අය-වැයට විශාල වැය බරක් වී තිබෙන රාජ්‍ය ආයතන හෝල්ඩින්ග්ස් සමාගමක් හරහා කොටස් වෙළෙඳපොළට සම්බන්ධ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මේ වනවිට සොයා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.