Home » සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලන ආදි හා යාවජීව සාමාජික සුහද හමුවෙන්

සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලන ආදි හා යාවජීව සාමාජික සුහද හමුවෙන්

by sachintha
January 29, 2025 1:22 am 0 comment

වර්ෂ 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් 1956 දී පිහිටුවා ගත් සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයේ ආදි හා යාවජීව සාමාජික සමූහයේ “සුහද හමුව 2025” පසුගියදා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී ආදි හා යාවජීව සමූහයේ කටයුතු ඉදිරියේ දී විධිමත්ව ඉටුකිරීමට ‘පළමු විධායක නව නිලධාරි මණ්ඩලය’ මෙන්ම ඒ සඳහා ‘නව ව්‍යවස්ථාවක්’ සම්පාදනය කිරීමට ‘ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය’ ද සාමාජික සාමාජිකාවන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් පත්කර ගත් බව විධායක සභික ගාමිණී එස්. කිරඹකන්ද මහතා පැවසීය.

ආදි හා යාවජීව සමූහ පළමු විධායක මණ්ඩලයේ සභාපති ලෙස පත්වූ ප්‍රේමලාල් රත්නවීර මහතා සමඟ විධායක සභිකයන්, ව්‍යාවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන් මෙන්ම සාමාජික සාමාජිකාවන් රැසක් ද සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයේ කටයුතු කර පසුකලෙක පැවිදි දිවියට එළඹි වජිරාරාමයේ ඥානසීහ සහ කුප්පියාවත්තේ බෝධානන්ද හිමිවරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT