අමෙරිකාවෙන් පිරිනමන විදේශාධාර, ණය ප්‍රදාන සහ සෙසු විදේශීය ආධාර අත්හිටුවීමට ධවල මන්දිරය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. විදේශාධාර සහ ණය දීමනා සම්බන්ධව නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් පිළිපදින ලෙස ධවල මන්දිරයේ අයවැය පිළිබඳ කාර්යාලයේ වැඩබලන ප්‍රධානියා සියලු රාජ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එම උපදෙස් ඩිමොක්‍රටික් පක්ෂයේ දැඩි විවේචනයට ලක්වී ඇති බවත්, එය ජනතාව විශ්වාසය තබා සිටින වැඩසටහන් සඳහා විනාශකාරී ලෙස බලපානු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
විදේශාධාර අත්හිටුවීමට අමෙරිකාව ගනු ලැබූ තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ ද අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වේ.