ආහාර මූලික අවශ්‍යතාවකි. මේදය ශරීරයට අහිතකර බව බොහෝ දෙනාගේ මතය වුවත් පෝෂ්‍ය පදාර්ථයක් වශයෙන් ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වයට, ශරීර ශක්තියට වැදගත් වේ. එම නිසා ආර්ථිකමය වශයෙන් ඉතාමත් වැදගත් කාර්ය භාරයක් ඉටුකරයි. විශේෂයෙන් බේකරි කර්මාන්තය තුළ ආහාරවල ස්වභාවය, රසය, කල්පැවැත්ම තීරණය කරන සාධකයක් ද වෙයි. ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තෙල් වර්ගය අනුව ආහාරයේ ගුණාත්මක බව වෙනස් වීම ඊට හේතුවයි.
පසුගියදා ‘The Nutrition Society of Sri Lanka’ ආයතනයේ සහ Solidaridad සහ Nucleus Foundation අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කෙරුණු ‘සෞඛ්‍ය හා පෝෂණය සම්බන්ධයෙන් ආහාරයට ගත හැකි මේද සහ තෙල්වල බහුවිධ භූමිකාවන් ගවේෂණය කිරීම’ තේමා කරගත් 2025 වාර්ෂික පර්යේෂණ සැසියට සමගාමීව මේ පිළිබඳ කාලීන සාකච්ඡාවක් සිදුවිය. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්, ‘Health Science Multiversity’ ජාත්‍යන්තර ආයතනයේ උපකුලපති විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස සහ වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුමාරි එම්. රත්නායකගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදීය.
ලෝකය පුරා ඔලිව් තෙල්, පාම් තෙල් (palm oil) රටකජු තෙල් (peanut oil), පොල්තෙල්, සෝයා තෙල්, සූරියකාන්ත තෙල්, canola තෙල්, තල තෙල් (sesame oil) යනාදී වශයෙන් ආහාර සඳහා භාවිත තෙල් වර්ග ගණනාවකි. පොල්තෙල් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් පමණක් වැඩි වශයෙන් පරිභෝජනය කරන’මුත් ගෝලීය වශයෙන් භාවිතය ඉතා අඩු ප්රතිශතයකි. ලොව ජනගහනයෙන් 60% කට වැඩි පිරිසක් භාවිත කරන්නේ පාම් තෙල් (palm oil) ය. Crude palm තෙල් සහ palm kernel තෙල් ප්‍රභේදවලින් යුක්ත පාම් තෙල් බේකරි නිෂ්පාදන සඳහා යොදා ගනියි. පාම් තෙල් පරිභෝජනය සෞඛ්‍යමය වශයෙන් අහිතකර බවට සනාථ වී නැත. එමෙන්ම රටකජු තෙල් ලොව බොහෝ රටවල පරිභෝජනය කෙරෙන අතර තලතෙල් වඩා ගුණදායී තෙල් වර්ගයක් වශයෙන් හඳුනා ගනී. මීට අමතරව lard, tallow වැනි සත්ව මේ ආහාර පවා ආහාරයට එකතු කරගැනීම සිදුවේ. විශේෂයෙන් 1950/60 දශකවලින් පසුව බේකරි කර්මාන්තය තුළ මෙම සත්ව මේදය භාවිතයෙන් ආහාර සකස් කිරීමත් දැකගන්නට ලැබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් විශ්ලේෂණය කළේය.
තෙල්වල අන්තර්ගත අධික කැලරි ප්‍රමාණය නිසා සෞඛ්‍යයට අහිතකර ලෙස අධික බර සහ තරබාරුව ඇතිවීමටත්, හෘදය ආශ්රිත රෝග (Cardiovascular diseases – CVD), හිස හෙස් ගැලවී යාම වැනි රෝග, පිළිකා වර්ග, දියවැඩියාව සහ ආතතිය වැනි රෝගී තත්ත්ව ඇති වීමේ හැකියාව වැඩි බව මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පවසයි. canola තෙල් පරිභෝජනය ද වැදගත් බව පෙන්වා දෙයි. වැඩිදුර කරුණු සඳහන් කරන ඔහු, Omega 6 සහ omega 3 සංඝටක 1:1 අනුපාතයෙන් ශරීරයට ලබා ගැනීම වඩාත් හිතකර වුවත් ව්‍යාපාරික අරමුණු මුල් කරගෙන එය 16:1 අනුපාතය දක්වා වඩාත් අවදානම්සහගත තත්ත්වයකට වෙනස් වී තිබෙන බව පවසයි.
තෙල් වර්ග පරිභෝජනයට යොමු වීමට හැකියාව තිබෙන අතර එහිදී විවිධ සංතෘප්ත මේද අම්ල (SFAs) වැඩිපුර අඩංගු ආහාර භාවිතයෙන් ඉවත් වී ඒ වෙනුවට වඩාත් ගුණදායි monounsaturated fatty acids (MUFAs) අන්තර්ගත ඔලිව් තෙල්, රටකජු තෙල්, සූරියකාන්ත තෙල්, තල තෙල් ආහාර වේලට එකතු කරගැනීමට හැකියාව ඇත. එසේම බොහෝ දෙනෙක් අධික උෂ්ණත්වයක් යටතේ ආහාර පිසීමට හුරුව සිටින බැවින් ඒ සඳහා ඉහළ ජ්වලන අගයක් සහිත පොල්තෙල්, පාම් තෙල්, නිවුඩු තෙල්, සෝයා තෙල් භාවිතයට හුරුවීම වඩාත් වැදගත් බව පෙන්වා දෙයි.
සුභාෂිනී සේනානායක බිනූ දිලාරා ගමගේ