38
පොලිසිය විසින් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා ඇප මත මුදාහැර තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කළ බවයි.
ඒ අනුව මෙම නඩුව පෙබරවාරි මස 3වනදා යළි කැඳවීමට නියමිතය.