Home » 20 වන ගුවන් හමුදාපති නිළ වශයෙන් වැඩ අරඹයි

20 වන ගුවන් හමුදාපති නිළ වශයෙන් වැඩ අරඹයි

by yasara
January 29, 2025 4:47 pm 0 comment

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ආගමික වතාවත් සිදුකරමින් නිළ වශයෙන් සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරිම අද (29) ගුවන් හමුදා මුලස්ථානයේදි සිදු කළේය.

ඒ ගුවන් හමුදා මුලස්ථානයේ දී පවත්වන ලද ගුවන් හමුදා සම්ප්‍රදායානුකූල උත්තමාචාර පෙළපාලියෙන් අනතුරුවය.

ඒ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපති වේ.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපති ලෙස පත්විම් ලද ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ නිළධාරීතුමන් හට ගුවන් හමුදා සම්ප්‍රදායානුකූල උත්තමාචාර පෙළපාලියක් අද දින ගුවන් හමුදා මුලස්ථානයේදි පැවැත්විණි.

එම උත්තමාචාර පෙළපාලියෙන් අනතුරුව නව ගුවන් හමුදාපතිතුමන් ආගමික වතාවත් සිදුකරමින්  නිළ වශයෙන් සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරිම ගුවන් හමුදා මුලස්ථානයේදි  සිදුවීය.

අභිනවයෙන් රාජකාරී ආරම්භ කල ගුවන් හමුදාපතිවරයා මුලික කරුණු පහක් යටතේ සිය සාමාජිකයින් අමතමින් සඳහන් කරනු ලබුවේ සිය නායකත්වය යටතේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් හැකියාව වැඩිදියුණු කිරීම, නව තාක්ෂණික දැනුම භාවිතයට ගැනීම, ගෝලීය ක්‍රියාකාරකම් මත ස්වකීය මෙහෙයුම් යාවත්කාලීන කරවීම, සමුද්‍රීය ආරක්ෂාව හා ජාතික සංවර්ධනය කෙරෙහි දැඩි අවධානයක් යොමුකරන බවයි.

ගුවන් හමුදාවේ ගුවන්යානා බලඝණ තව දුරටත් ශක්තිමත් කරමින් ගුවන් බලය සඵලව භාවිතා කොට මාතෘ භූමියේ අවශ්‍යතාවන් අනුව සෑම විටම ක්‍රියාකිරීමට හැකි ගුවන් හමුදාවක් බවට පරිවර්ථනය කරන බවටත්, ගුවන් ආරක්ෂණ යාන්ත්‍රණය තව දුරටත් ශක්තිමත් කිරීම මගින් අප ගුවන් කලාපයේ ආරක්ෂාව සහතික කොට, ආවේක්ෂණ රාජකාරීන් මතින් කලාපීය ගුවන් ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමුකිරීම තම මූලික අභිලාශය බවට පත්කර ගන්නා බවට තව දුරටත් සදහන් කරන ලදී.

තාක්ෂණික හමුදාවක් ලෙස ගුවන් හමුදාව තුළ ඇති තාක්ෂණික ශක්තිය මගින් නවෝත්පාදනයන් ඉහළ නැංවීම සදහා ගතහැකි සියළු ක්‍රියාමාර්ග හා තීන්දු තීරණ ගනිමින් ගුවන් ආරක්ෂණ පද්ධතිය තරකීරීම, ඩ්‍රෝන තාක්ෂණය සහ නියමුවන් රහිත ගුවන් යානා තාක්ෂණය තව දුරටත් වැඩි දියුණු කිරීම තුලින් අනාගත ගුවන් හමුදාව තාක්ෂණික ප්‍රවේශයකට සූදානම් කර වීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරන ලද අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් තව දුරටත් පුළුල් කරමින් ජාත්‍යන්තර සංග්‍රාමීය අවශ්‍යතා වෙනුවෙන් සෑම අතින්ම සන්නද්ධ ගුවන් හමුදාවක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT