Home » මුල් පිටුව

මුල් පිටුව

by thanushika
January 29, 2025 8:43 am 0 comment

කවරයට වැඩි යමක්…

ආයෙමත් ට්‍රම්ප් ඉතිං ඊට පස්සේ!

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ ක්ෂණික තීන්දු තීරණ හා අපේ රටේ පාලකයන් ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් සංසන්දනාත්මක පෝස්ට් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

‘ලෝක පොලිස්කාරයා’ යයි කියනු ලබන අමෙරිකා එක්සත් ජනපදය ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයක්ම නිවරදි යන්න එයින් අදහස් නොවෙතත්, හිත යටින් ඊට කැමැත්තක් දක්වනු පෙනෙයි. එය ශිෂ්ටත්වයට දුර වුවද, පූර්වජ පියාට (primordial father) යටි සිතින් දක්වන ආසාවට සමාන ය. අනෙක් අතට ‘අමෙරිකානු නව අධිරාජ්‍ය විරෝධය’ජීවන විලාසය කරගත්තවුන්, වාර්ෂිකව අමෙරිකානු පුරවැසිභාවය අයදිමින් ග්‍රීන් කාඩ් අපේක්ෂා කරයි. ට්‍රම්ප් මෙවර ඊටද තට්ටු කරමින් තිබේ. ස්ත්‍රී-පුරුෂ සමාජභාවී කාරණා සම්බන්ධයෙන් අමෙරිකානු සමාජය වඩා විවෘත දෘෂ්ඨිකෝණයකින් බැලුවේ ට්‍රම්ප්ලාගේ මුතුන් මිත්තන් එකී දේශයේ පස් පාගන්නටත් පෙර ය. සංක්‍රමණිකයින්, ලිංගික වෙනස, පුරවැසි අයිතිවාසිකම් ගැන ඉදිරි කාලය අමෙරිකානුවන්ට මෙන්ම ලෝකයටත් අලුත් දේ උගෙනීමට අවස්ථාව සැලසෙනු ඇත.

“අ‍ෙමරිකානු භූමිය තුළ ඉපදුණු පමණින්, අ‍ෙමරිකානු පුරවැසිභාවය හිමි නොවේ” යනුවෙන් අ‍ෙමරිකානු ජනාධිපති ට්රම්ප් ගෙනා විධායක නියෝගය දින 14 ක් සඳහා අත්හිටුවිමට එරට ෆෙඩරල් විනිසුරුවරයකු දැනටමත් පියවර ගෙන තිබේ.ඒ, එම නියෝගය එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව තීන්දු කරමිනි. එබැවින් ඉතිහාසය විවෘතය. ලෝක පොලිස්කාරයාගේ භූමිකාව මේ මොහොතේ නාට්‍යෝචිත අවස්ථාවකි.

එහෙත් ට්‍රම්ගේ පුනරාගමනය අමෙරිකාවට පමණක් නොව අපටද , නොතකා හළ හැකි සංසිද්ධියක් නොවේ. අවදි සිහියෙන් ඒ දෙස බැලිය යුත්තේ ඒ නිසාම ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT