ගෝලීය ජනගහනය වැඩි වන විට ආහාර අවශ්‍යතා ද වැඩි වේ. පස, හිරු එළිය, ජලය සහ පළිබෝධනාශක මත රඳා පවතින ගොවිතැනට 2050 වන විට ජනගහනය බිලියන 9.6දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති ලෝකයක් පෝෂණය කිරීම සඳහා ඉහළ තාක්ෂණයකින් යුත් වගා ක්‍රම අවශ්‍ය වනු ඇත. පසුගිය වසර 8,000 පුරා ඉතිහාසයේ සියලුම ගොවීන් අස්වනු නෙළා ඇති ප්‍රමාණයට වඩා වැඩියෙන් ඉදිරි දශක හතර තුළ ලෝකය වැඩි ආහාර නිෂ්පාදනය කළ යුතු” බව කෘෂි විද්‍යඥයෝ සහතික කොට කියා සිටිති. ඒ සඳහා දැන් සිටම සූදානම්වන රටක් වනුයේ නෙදර්ලන්තයයි.
ශ්‍රී ලංකාව වර්ග කිලෝ මීටර් 66. 600 ක් වනවිට නෙදර්ලන්තය වර්ග කිලෝමීටර් 41.800 කි. එනම් අපටත් වඩා කුඩා රාජ්‍යයකි. අනෙක් අතට එම රට පිහිටා ඇත්තේ මුහුදු මට්ටමෙන් පහත් භුමියක හා රටෙන් පහෙන් එකක් ජලයෙන් යටවන පරිසරයකි. එය නිරන්තර මුහුදු ඛාදනය හා ගංවතුරට ලක්වෙයි. මේ සියල්ල තිබියදී නෙදර්ලන්තය එක්සත් ජනපදයට පසුව, ලොව විශාලතම කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනකරු වේ.
ලන්දේසි කෘෂිකාර්මික අංශය වාර්ෂිකව යුරෝ බිලියන 65ක කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කරයි. මෙය මුළු ලන්දේසි අපනයනයෙන් 17.5%කි. මින් අඩක්ම යන්නේ ජර්මානු වෙළෙඳපොළට ය. මෙි සියල්ල ලන්දේසින් කරනු ලබන්නේ හරිතාගාර කෘෂිකර්මාන්තයක් ලෙස ය. මෙම හරිතාගාර සංකල්පය ආවේ කෙසේද ? එයට පිළිතුර ඇත්තේ දෙවන මහා ලෝක යුද්ධය තුළ ය . ජර්මානු ආක්‍රමණයේ අවසාන මාසවල පැවති ශීත” සෘතුවේ දී කුසගින්න නිසා ලන්දේසි මිනිසුන් 20,000 ක් පමණ නිරාහාරවම මිය ගියහ. සාගතයේ බිය උපදවන මෙම අත්දැකීමට ප්‍රතිචාරයක් ලෙස නූතන හරිතාගාර ගොවිතැන එරට තුළ ආරම්භ විය.
එම හරිතාගාර උද්‍යාන දියුණු දේශගුණ පාලන පද්ධති, බලශක්ති හා කාර්යක්ෂම ආලෝකකරණය සහ හයිඩ්‍රොපොනික් ශිල්පීය ක්‍රම භාවිතා කරමින් බෝග වගාවන් පරිපූර්ණ වර්ධනය වන තත්ත්වයන් නිර්මාණය කරයි. මෙම සෑම හරිතාගාරයක්ම දිවා රාත්‍රි විදුලි බල්බ වලින් ආලෝකමත් ය. මෙම ආලෝකය බොහෝ ආහාර දාමවල පදනම වනප්‍රෝටීන සහ ලිපිඩ නිපදවීමට භාවිතා කරන ක්ෂුද්‍ර ඇල්ගී වර්ධනයට සහය වෙයි. කෘෂිකර්මාන්තයේ අනාගතය වටා ඇති මතභේදයන් නොතකා ඔවුහු ජානමය වශයෙන් වෙනස් කරන ලද ජීවීන් පළිබෝධ නාශකයන් ලෙසත්, පළිබෝධ-ප්‍රතිරෝධී භෝග නිෂ්පාදනය සංවර්ධනය කිරීමත් වේගයෙන් සිදුකරමින් සිටී. මෙම හරිතාගාර වගාවේදී සියලු ලන්දේසින් එක් සංකල්පයකට ගොනුකර ඇත. එනම් ‘‘ රටේ සම්පත්වලින් අඩක් භාවිතා කර පැවති නිෂ්පාදනය මෙන් දෙගුණයක් ” මෙම ජාතික කැපවීමෙන් නෙළා ගනියි. නෙදර්ලන්ත ගොවීන් බොහෝ දෙනකු ප්‍රධාන භෝග සඳහා වන ජලය මත යැපීමසියයට 90කින් පමණ මෙමඟින් අඩු කර ඇත. ඔවුන් හරිතාගාර තුළ ශාක සඳහා රසායනික පළිබෝධ නාශක භාවිතය සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් කර ඇති අතර ඔවුනගේ අපනයන කෘෂි වගාවන් ලොව ඉහළම තලයේ කාබනික නැවුමි එළවලු හා පලතුරු ය. ලන්දේසින්ගේ කෘෂි භෝග තාක්ෂණය මොන තරමි විස්මිතද යත් නැෂනල් ජියෝග්‍රැපික් සඟරාව කියා සිටින්නේ ලන්දේසි ගොවිපළක අධි තාක්‍ෂණික (Rijk Zwaan හරිතාගාර) තක්කාලි බීජයක්, අපගේ මනස අවුල් කරවමින් තක්කාලි කිලෝ 75 ක් නෙවරදවාම ලබාදෙනු ඇති බවයි.
මෙම දේශගුණික පාලිත ගොවිපළ මගින් ලන්දේසින්ට ආක්ටික් කවයේ සිට සැතපුම් දහස් ගණනක් ඇත. දක්ෂිණ කවය දක්වා තක්කාලි අපනයනය කිරීමේදී, ඔවුනට ගෝලීය ප්‍රමුඛයා වීමට හැකියාව ලැබේ. ලන්දේසී අර්තාපල් සහ ලූනු ලෝකයේ ඉහළමඅපනයනකරු වන අතර මෙම කුඩා රට එළවළු බීජවල ගෝලීය වෙළෙඳාමෙන් තුනෙන් එකකට වග කියයි. ලන්දේසි එළවළු නිෂ්පාදනය 2024 දී දල වශයෙන් මෙට්‍රික් ටොන් මිලියන 5.කි
සිය වගා බිම්වලින් සියයට 80ක් හරිතාගාර යටතේ පවතින ලන්දේසි ගොවීන්ටකාලගුණය කිසිදු කරදරයක් නොවේ. මෙම හරිතාගාර ‘සාමාන්‍ය’ කෘෂිකර්මාන්තයට වඩා තිරසාර වන්නේ ඒවා අඩු පළිබෝධ නාශක, අඩු ජලය සහ අඩු පොහොර භාවිතා කරන බැවිනි. එපමණක් නොව, එළිමහනේ වගා කරන බෝගවලට වඩා වැඩි අස්වැන්නක් සහ මුළු වසර පුරාම ආහාර නිෂ්පාදනය කිරීමට ඔවුන්ට හැකි වේ. නෙදර්ලන්තය සිය කෘෂි නිෂ්පාදන අපනයනයෙන් එහි භූමි ප්‍රමාණය 270 ගුණයක් ඇති එක්සත් ජනපදයට පමණක් දෙවැනි වේ යැයි ලෝකයට කියන්නේ අභිමානයෙනි.
උපාලි ජයසිංහ