ඇතැම් යුදමය මැදිහත්වීම් පවා මින් පෙර ද ට්‍රම්ප්ගේ විවේචනයට ලක්වූ අතර අමෙරිකානු ජනයාගේ බදු මුදල් එලෙස යෙදවීම අනුමත කළ නොහැකි බවද පවසා තිබිණි. ඒ ඔස්සේ බලන විට ට්‍රම්ප්-2 ක්‍රියාත්මක වනු ඇත්තේ වැයකරන මුදලට ප්‍රතිලාභයක් අත්වනු ඇති ද යන කාරණය ගැන සැලකිලිමත් වෙමිනි.
අමෙරිකාවේ ස්වර්ණමය යුගය ඇරැඹෙන්නේ මෙතැන් සිට…” ඉකුත් 20 වැනිදා අමෙරිකා එක්සත් ජනපදයේ 47 වෙනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමෙන් පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එසේ කීවේ ජාතිය අමතමිනි.ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මෙන්ම නව ජනාධිපතිවරයාගේ ධුර කාලය ඇරැඹෙන දිනය ද එරට ව්‍යවස්ථාවෙන්ම නියම වී තිබේ. මේ අවස්ථාවට හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් මෙන්ම බැරක් ඔබාමා,බිල් ක්ලින්ටන්, ජෝර්ජ් ඩබ්.බුෂ් හිටපු ජනාධිපතිවරු සහ ඔවුන්ගේ බිරින්දෑවරු ද එක්ව සිටියහ. තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ද කැපී පෙනෙන චරිතයක් වූ එලොන් මස්ක්, මාර්ක් සකර්බර්ග්, ජෙෆ් බෙෂොස්, ටිම් කුක් සහ සුන්දර් පිච්චෙයි එහි දැකගත හැකිවිණි. සාමාන්‍යයෙන් විදේශීය රාජ්‍ය නායකයන් මේ අවස්ථාවට ඇරියුම් නොලබන්නේ වුව ද ට්‍රම්ප්ගේ ආරාධනයෙන් ආජන්ටිනා ජනාධිපති ජෙරාර්ඩෝ මිලි සහ ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලනි ඊට එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් ද එහි විය.
අමෙරිකාව යළි ශ්‍රේෂ්ඨ ජාතියක් කරමු” (Make America Great Again )යනු ට්‍රම්ප්ගේ පළමු මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තේමා පාඨයයි.සීතල යුද්ධය නිමාවීමෙන් පසු තනි ලෝක බලවතා ලෙස අමෙරිකාව සිය ආධිපත්‍යය ගොඩනැඟුව ද ක්‍රමයෙන් එය ගිළිහෙමින් තිබිණි.තවදුරටත් අමෙරිකාව ලෝක බලවතා ලෙස දේශපාලන, ආරක්ෂක, ආර්ථික ආදී ක්ෂෙත්‍රයන් කෙරෙහි බලපවත්වන්නේ වුවද, ඊට අමතරව බල කේන්ද්‍ර කිහිපයක්ම මේවනවිට කරළියේ දැකිය හැකිය. ට්‍රම්ප්ගේ කතාව මූලික වශයෙන් පෙර කී තේමාව වටා ගොනු වී තිබිණි. පෙර පැවැති බයිඩ්න් පාලනය විවේචනය කරමින් ඔහු අවධාරණය කළේ, තම පාලනයේ ඉහළම ප්‍රමුඛතාව හිමිවන්නේ අභිමානවත්, සමෘද්ධිමත් මෙන්ම නිදහස් ජාතියක් ගොඩනැඟීම වෙනුවෙන් බව ය. වත්මන් ලෝක සන්දර්භය යටතේ අමෙරිකාවේ බලයට පත්වන නායකයා සහ එම පාලනය සම්බන්ධයෙන් ලොව සෙසු ජාතීන්ද අවධානයෙන් මෙන්ම අවදියෙන් යුතුය.
ට්‍රම්ප්ගේ දෙවැනි පාලන සමයේ පළමු දිනයේම ලෝකයේම අවධානයට ලක්වූ තවත් සිදුවීමක් වූයේ නව ජනාධිපති වරයාගේ පළමු කාර්යය ලෙස විධායක නියෝග 26 කට අත්සන් තැබීම ය. එකී ඇතැම් නියෝග මඟින් බයිඩ්න් ජනාධිපතිවරයා පනවා තිබූ නියෝග අහෝසි වේ. අමෙරිකා ඉතිහාසයේ ජනාධිපති වරයකු ධුරයේ රාජකාරි අරඹමින් පළමු දිනයේම මෙතරම් විධායක නියෝග ගණනක් පැනවූ පළමු අවස්ථාව ද මෙයය. එම නියෝග අමෙරිකාවේ පාලනය ගෙනයාම සම්බන්ධයෙන් වුවද ඇතැම් නියෝග සෙසු ලෝකයට ද බලපෑම්සහගත වනු ඇත. ඒවා පිළිබඳ දැනටමත් විචාරාත්මක අදහස් පළවෙමින් තිබේ. ඒ අතර, අමෙරිකාවේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් සංක්‍රමණික නීති දැඩි කිරීම, දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියෙන් ඉවත්වීම(පළමු වාරයේ ද ජනාධිපති ට්‍රම්ප් ඉන් ඉවත් වුවද බයිඩ්න් පාලනය යටතේ අමෙරිකාව යළි ඊට එක්ව සිටියේය.) ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ඉවත්වීම (බයිඩ්න් පාලනය ඊට එක්ව සිටියේය.කෙසේ වුවද, සිය නියෝගය පිළිබඳ යළි සළකා බලන බව ජනාධිපති ට්‍රම්ප් පසුව ප්‍රකාශ කර තිබේ.) ආදී වශයෙනි.
ජනාධිපති ට්‍රම්ප් සිය කතාවේදී, “පොඩි ප්‍රශ්නයක් වත් විසඳන්න බැරි පාලනයක් අපට තිබුණේ.” යැයි සඳහන් කරමින් ජාතියක් ලෙස ලබා තිබූ පසුබෑම ගැන ද දක්වා තිබිණි.ජන ජීවිතයට සහනයක් වන පරිදි භාණඩ මිල පහතට ගෙන ඒම, විරැකියාවට පිළියම් යෙදීම ,බලශක්තිය හදිසි අවශ්‍යතාවක් ලෙස සළකා ක්‍රියාකිරීම, අපරාධ කල්ලි මර්දනය කිරීම, ගැන ද ඔහු පෙන්වා දුන්නේ “අමෙරිකාව යළි පොහොසත් ජාතියක් කරනවා ” යන පොරොන්දුව ද දෙමිනි. අමෙරිකා අධිකරණයේ ස්වාධීනත්වය ගැන ඔහු අවධාරණය කළේ, යුක්තියේ දෙවඟන අතැති තරාදිය යළි තුලනය විය යුතු බව පවසමිනි.
ජනාධිපති ට්‍රම්ප් ගේ දෙවැනි පාලන සමය දකුණු ආසියාවට කෙසේ බලපවත්වනු ඇතිද යන්න ජාත්‍යන්තර හා කලාපීය දේශපාලනය පිළිබඳ විශ්ලේෂකයන්ගේ ද අවධානයට ලක්ව තිබේ.එහි දී එක්වරම පෙනීයන්නේ එම පිළිවෙත ට්‍රම්ප්ගේ පළමු පාලන සමයේම දිගුවක් විය හැකි බවය. පළමු අවස්ථාවේ දී මෙන්ම සෙසු රටවල අභ්‍යන්තර කාරණා සම්බන්ධයෙන් අතපෙවීම හෝ ඒවා හැසිරවීමට වඩා රට අභ්‍යන්තරයේ ප්‍රශ්න විසඳාගැනීම කෙරෙහි ට්‍රම්ප් පාලනය- 2 අවධානය යොමු කරනු ඇතැයි කිව හැකි ය. එසේ වුවද , රුසියා- යුක්‍රේන යුදගැටුමට විසඳුමක් ලබාගැනීම වැනි කාරණා ද ඔහුගේ ප්‍රමුඛතා අතර වේ. එය ලෝකයට සහ විශේෂයෙන් ආසියානු කලාපයට ද බලපාන්නා වූ කාරණයක් බැවින් දකුණු ආසියානු රටවලට ද වැදගත් ය.
දකුණු ආසියානු කලාපය යනු බිලියන දෙකක ජනගහනයක් සිටින විශාල ලෙස අවස්ථා ඇති අතරම විශාල ලෙස අභියෝගයන්ට ද මුහුණ දෙමින් ඇති භූගෝලීය, ඉතිහාස, සංස්කෘතික වැනි කාරණා වලින් බොහෝ සමාන මෙන්ම සමීප සබඳතා ඇති රටවලින් යුතු කලාපයකි. එබැවින් , වෙනස්කම් අතර එකී සමානකම් වලට ද ඇත්තේ ඉහළ තැනකි. මේ රටවල් යටත් විජිත ආධිපත්‍යය යෙන් බැට කෑ රටවල් මෙන්ම තවමත් ත්‍රස්තවාදය, දේශගුණික විපර්යාස වැනි අභියෝගයන්ට ද මුහුණ දෙන රටවල් ය. ජාත්‍යන්තර දේශපාලනයේ දී මෙකී දකුණු ආසියාතික කලාපීය අනන්‍යතාව ශක්තිමත් මෙන්ම නොතකා හැරිය නොහැකිය. දකුණු ආසියාවට ට්‍රම්ප් පාලනය -2 සමඟ ගනුදෙනු කිරීමේ දී අවස්ථා මෙන්ම අභියෝග කෙරෙහි ද අවධානය යොමු කිරීමට සිදුවනු ඇතිබව ජාත්‍යන්තර හා කලාපීය සම්බන්ධතා පිළිබඳ විශ්ලේෂකයන්ගේ අදහස ය.
රිපබ්ලිකන්, ඩිමොක්‍රටික් කවර පාලනයක් යටතේ වුව ද අමෙරිකාව, දකුණු ආසියාව දෙස බලන්නේ කලාපීය බලවතා මෙන්ම කලාපයේ සිය විශ්වාසී මිතුරා ද වන ඉන්දියාව මූලික කොට ගනිමින් බව පෙනෙන්නට තිබේ. ට්‍රම්ප් පාලනය-2 සම්බන්ධයෙන් ද මේ කාරණය අදාළය. ඔහු දකුණු ආසියාව දෙස බලනු ඇත්තේ ද ආර්ථික හා ආරක්ෂක වටිනාකම මුල්කොට ගනිමින් බව පැහැදිළි කාරණයකි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර ඇති මිත්‍රත්වය ද මෙහි දී විශේෂයෙන් වැදගත් ය. ට්‍රම්ප් පාලනය-1 සමයේ ද ඉන්දීය අගමැති වරයා වූ මෝදි , ට්‍රම්ප් පාලනය -2 ඇරැඹෙන විට ද ඉන්දියාව පාලනය කරමින් සිටින්නේ ය. ජනාධිපති ට්‍රම්ප් 2020 වසරේ දී ඉන්දීය සංචාරයක ද යෙදිණි. ට්‍රම්ප්ගේ ආරාධනයෙන් මෝදි ද අමෙරිකාවේ සංචාරය කළේය. මේ වනවිට, ඉන්දියාවේ තුන්වැනි විශාලම අවි සැපයුම් කරුවා ද අමෙරිකාව ය. එම පළමුතැන රුසියාව ද දෙවැනි තැන ප්‍රංශය ද සිටී. දකුණු ආසියා කලාපය සමඟ චීනය පවත්වන සබඳතා ගැන අමෙරිකාව සංවේදී බව නොරහසකි. එම බොහෝ රටවලට චීනය සමඟ ද දිගුකාලීන සමීප මිත්‍ර සබඳතා තිබේ. ඉන්දියාව මුල්කොටගනිමින් අමෙරිකාව මේ කලාපය දෙස බැලීම භූ දේශපාලන උපායමාර්ගික වශයෙන් බලන විට වටහා ගත හැකිය. මේ කලාපය සමඟ අමෙරිකාවේ හා ඉන්දියාවේ සබඳතා බොහෝදුරට එකම මඟකි. ක්‍රමයෙන් අමෙරිකා – ඉන්දියා සම්බන්ධතා ද වඩාත් ශක්තිමත් වෙමින් ඉදිරියට ගමන් කර ඇත. තීරුබදු පිළිබඳ ප්‍රශ්නයේ දී නම් ඉන්දියාව ට්‍රම්ප් ගේ විවේචනයට ලක්වී තිබේ.
පකිස්ථානය සමඟ අමෙරිකාවට ඇති සබඳතා දෙස බලන විට පෙනෙන්නේ එය එතරම් බලවත් නොවන බවකි. ඇෆ්ගන් සාම ක්‍රියාදාමය වැනි අවස්ථා වල දී පකිස්ථානය අමෙරිකාව සමඟ එක්ව කටයුතු කළේය. ට්‍රම්ප්-1 සමයේ අමෙරිකා – පකිස්ථාන සම්බන්ධතා වඩාත් අභියෝගාත්මක වූ බව පෙනිණි.අමෙරිකාව අනුගමනය කළ “ත්‍රස්තවාදයට එරෙගි යුද්ධය” ද මෙහිදී වැදගත් සාධකයකි. එරටට අමෙරිකාව විසින් ආරක්ෂක කටයුතු සඳහා ලබා දුන් අමෙරිකා ඩොලර් බිලියන 1.3 ක මුදල ද අගමැති ඉම්රාන් ඛාන් පාලනය සමයේ (2018-2022) කපාහැරිණි. අමෙරිකා – පකිස්ථාන සම්බන්ධතා කෙරෙහි ආරක්ෂාව පිළිබඳ සාධකය තීරණාත්මක ලෙස වැදගත් බව පෙනීයන්නේ ය.
බංග්ලාදේශයේ ෂීක් හෂීනා අගමැතිනිය බලයෙන් පහකරමින් සිදුවූ රෙජීම වෙනසත් සමඟ පත්වූ මොහොමඩ් යුනුස්ගේ අන්තර්වාර රජයට ජනාධිපති බයිඩ්න් පාලනය උපකාරී විය. කෙසේවුවද, ට්‍රම්ප් බංග්ලාදේශය හැඳින්වූයේ, අවුල්ජාලයක පැටළුන රාජ්‍යයක් යනුවෙනි. බංග්ලාදේශයේ අපනයන වැඩියෙන්ම සිදුවන්නේ අමෙරිකාවට වන අතර එරට සෘජු විදේශ ආයෝජන (FDI) වැඩිම පංගුව ද අමෙරිකාවෙනි. 2021 වසරේ දී ,ෂීක් හෂීනා පාලනය යටතේ බංග්ලාදේශ- අමෙරිකා ව්‍යාපාර කවුන්සිලය ද ස්ථාපිත කෙරිණි. දෙරට අතර හමුදා අභ්‍යාස ද සිදුවිය.
2016 වසරේ දී එනම් ට්‍රම්ප් පළමු වාරය සඳහා තරග කරන විට මොහොමඩ් යුනුස් ,හිලරි ක්ලින්ටන් අරමුදලට මුදල් පරිත්‍යාග කිරීම වැනි කාරණා ද මෙහි දී සැලකිල්ලට ගතයුතු බව විශ්ලේෂකයන්ගේ අදහසය. කෙසේවුවද ,මොහොමඩ් යුනුස් මෙන්ම හිටපු අගමැතිනි ෂීක් හෂීනා ද ජනාධිපති ට්‍රම්ප් ට සුබපැතුම් පිරිනමා තිබේ.
ට්‍රම්ප්-2 ඇරැඹෙන්නේ බංග්ලාදේශය, මාලදිවයින මෙන්ම ශ්‍රී ලංකාවේ ද නව පාලන තන්ත්‍ර බලයට පත්වී ඇති පසුබිමක ය. මේ රටවල් සමඟ සම්බන්ධතා පැවැත්වීමේ දී චීන සන්දර්භය වඩාත් සැලකිල්ලට ලක්වනු ඇතිබව ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කලාපීය ආරක්ෂක හා ආර්ථික බලවතා ලෙස ඉන්දියාව තවදුරටත් පෙරමුණේ තබාගනිමින් අමෙරිකාව ක්‍රියාකරනු ඇත්තේ එබැවිනි. එසේ වුවද කලාපීය රාජ්‍යයන්ට චීනය සමඟ ඇති දිගුකාලීන මිත්‍රශීලී හා ඵලදායි සබඳතා එහි දී නොතකා හැරිය නොහැකිය. එම රටවල් තවදුරටත් චීනය සමඟ ද එකී සබඳතා ශක්තිමත් කර ගනිමින් සිටී.
ආර්ථිකය පිළිබඳ ට්‍රම්ප් පාලනයේ පිළිවෙත “ආර්ථික ජාතිකත්වවාදය” බව විශ්ලේෂකයන්ගේ හැඳින්වීම ය. ඔහු අනුගමනය කරන ආර්ථික උපායමාර්ග ඔවුන් හඳුන්වන්නේ “ට්‍රම්පොනොමික්ස්” යනුවෙනි. වෙළෙඳාම පමණක් නොව අන් සෑම කාරණයකදීමත් “අමෙරිකාව පළමුව” යන පිළිවෙත ඔස්සේ අමෙරිකාව ක්‍රියාත්මක වනු ඇතිබව පෙනී යයි. වෙනත් රටවල් සම්බන්ධයෙන් කළ ඇතැම් යුදමය මැදිහත්වීම් පවා මින් පෙර ද ට්‍රම්ප්ගේ විවේචනයට ලක්වූ අතර අමෙරිකානු ජනයාගේ බදු මුදල් එලෙස යෙදවීම අනුමත කළ නොහැකි බවද පවසා තිබිණි. ඒ ඔස්සේ බලන විට ට්‍රම්ප්-2 ක්‍රියාත්මක වනු ඇත්තේ වැයකරන මුදලට ප්‍රතිලාභයක් අත්වනු ඇති ද යන කාරණය ගැන සැලකිලිමත් වෙමිනි. කෙටියෙන් කිවහොත් මීයක් කඩනු ඇත්තේ අත ලෙවකෑමට නොවේ. වෙළෙඳාම සම්බන්ධයෙන් ඔහු අනුගමනය කරනු ඇත්තේ ආරක්ෂණවාදී වෙළෙඳ ප්‍රතිපත්තියකි.ආර්ථික සාධකය ඔස්සේ වෙළෙඳාම පිළිබඳ කාරණය ඉහළට එසවෙනු ඇත.
ජනාධිපති ට්‍රම්ප් ඔහු විසින්ම ඇතැම් විට තමා හඳුන්වා දී ඇත්තේ “තීරුබදු මිනිසෙක්” (Tariff Man) යනුවෙනි. ට්‍රම්ප් -1 දී මෙන්ම ට්‍රම්ප් -2 දී ද තීරුබදු පැනවීම් ගැන ප්‍රකාශයට පත්වී තිබේ. චීනයෙන් සිදුකරන ආනයන සඳහා පෙබරවාරි 1 වැනිදා සිට 10% තීරුබදු පැනවීමට සැලසුම් කර ඇතැයි ප්‍රකාශ වී තිබේ. එය ලොව සෙසු රටවලට ද බලපෑම් සහගත කාරණයකි. කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් සිදුකරන ආනයන සඳහා 25% බදු පැනවීමක් ප්‍රකාශයට පත්කර ඇත්තේ සංක්‍රමණික ගැටලු පදනම් කරගනිමිනි. අමෙරිකාවට අපනයන සිදුකරන දකුණු ආසියාතික කලාපීය රාජ්‍යන් මෙන්ම අනෙකුත් රටවල් ද මේ බදු පැනවීම් පිළිබඳ සැලකිලිමත් වනු ඇත. ට්‍රම්ප්-1 සමයේ චීන ආනයන සඳහා 60% ක් පමණ දක්වා තීරුබදු පැනවිණි. යම් හෙයකින් BRICS රටවල් ඩොලරය අත් හැර වෙනම මුදල් ඒකකයක් කරා යොමුවුවහොත් එම රටවලට 100% තීරුබදු පැනවෙනු ඇතැයි පැවසී තිබේ. එවැන්නක් අන්‍යොන්‍ය වශයෙන් ද බලපානු ඇති කාරණයකි.
චීනය මත පනවන තීරු බදු අමෙරිකාව සහ චීනය අතර ” වෙළෙඳ යුද්ධයක්” (Trade War) දක්වා ගමන් කරනු ඇති ද යන්න විශ්ලේෂකයන්ගේ අවධානයට යොමුව ඇති කාරණයකි. ආර්ථික බලවතා සහ නැඟී එන ආර්ථික බලවතා අතර එවැනි යුද්ධයක් ඇතිවුවහොත් එය ලොව සෙසු රටවලට ද බලපෑම් සහගත වනු ඇත. මේ වනවිටත්, නව රාජ්‍ය ලේකම් මැක්‍රෝ රුබියෝ සහ චීන විදේශ අමාත්‍ය වැංග් යී මහත්වරු අතර සංවාදයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. එහිදී, තම ජනයා සහ අභිලාෂ පළමුව යන පිළිවෙත මත පිහිටා කටයුතු කරන බව රුබියෝ ප්‍රකාශ කර ඇතැයි ද සඳහන් විය. විදේශ අමාත්‍යවරයා මෙහිදී පළකර ඇත්තේ, අමෙරිකාව යථාපරිදි කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන්නේය යනුවෙනි.
විශේෂයෙන් ප්‍රවාහන, බලශක්ති, සෞඛ්‍ය සේවා වැනි ක්ෂේත්‍ර කෙරෙහි යොමුවෙමින් යටිතල පහසුකම් නැංවීම කෙරෙහි ද ට්‍රම්ප් පාලනය යොමුවනු ඇති බව පැහැදිළි වේ. ඒ සඳහා එම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් බලපවත්වන්නා වූ ඇතැම් රෙගුලාසි ලිහිල් කිරීම ද සිදුවිය හැකිය.” අමෙරිකාව යළි “පොහොසත් රාජ්‍යයක් ” කළ යුතු බව ට්‍රම්ප් අවධාරණය කර ඇති කාරණයකි.
මෙවැනි සන්දර්භයක් යටතේ භූගෝලීය, ඉතිහාස, සංස්කෘතික ආදී කාරණා ඔස්සේ පොදු ලක්ෂණ වලින් යුතු හා සමීප රාජ්‍ය ලෙස දකුණු ආසියාතික රටවල් තම ජනයා වෙනුවෙන් ඔවුනොවුන් අතර සබඳතා ශක්තිමත් කරගැනීම වඩාත් වැදගත් වනු ඇති බව විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
ධම්මික සෙනෙවිරත්න