Home » බෝට්ටුවක් හප්පා මරණයක් සිදු කිරීමට අදාළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

බෝට්ටුවක් හප්පා මරණයක් සිදු කිරීමට අදාළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

by yasara
January 28, 2025 4:59 pm 0 comment

ලංකා පටුන මුහුදු තීරයේ පිහිටි මොහොත්තු වාරම් කලපුවේ යාන්ත්‍රික බෝට්ටුවක් තවත් බෝට්ටුවක හප්පවා  මරණයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඊයේ (27) අනතුර සිදුකළ බෝට්ටුවේ සිටී දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .

මෙසේ මරණයට පත් වූයේ ඊච්චලම්පත්තු, ඉලංගතුරේ මොහොත්තු වාරම්  පදිංචි වඩිවෙල් මහේන්ද්‍රන් (52) නැමති අයෙකි.

සැකකරුවන් දෙදෙනා මියගිය අයගේ බෝට්ටුව හප්පවා ඇති අතර එහිදී එම බෝට්ටුවේ සිටි මියගිය අය කලපුවට වැටී දියේ ගිලී මියගොස් තිබේ.මෙම අනතුර හිතාමතාම සිදුකළ එකක් බව මියගිය අයගේ බෝට්ටුවේ සිටි අනෙක් පුද්ගලයා පොලිසියට ප්‍රකාශයක් කරමින් පවසා තිබේ .

මියගිය අය එල්.ටී.ටි.ඊ ක්‍රියාකාරී සාමාජිකයෙකුව සිට යුද ගැටුම් වලින් පසු  පුණරැත්ථාපනයවී ධීවර රැකියාවේ යෙදී සිටි අයකු බව පොලීසිය කියයි .

මියගිය අයගේ මළ සිරුර ගොඩට ගෙන ඒමෙන් පසුව මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ මුතූර් මහේස්ත්‍රාත් තස්ලිම් මොහොමඩ් පවුෂාන් මහත්මිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්  මියගිය අයගේ පශ්චාත්  මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර  ත්‍රිකුණාමලය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කරන ලෙසත් නියෝග කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චලන්පත්තු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.සී. ඩෙනිප් මහතා ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT