Home » ලුණු ආනයනයට හේතු ඇමති නලින්ද පැහැදිලි කරයි

ලුණු ආනයනයට හේතු ඇමති නලින්ද පැහැදිලි කරයි

by yasara
January 28, 2025 4:22 pm 0 comment

ලුණු නිෂ්පාදිත ප්‍රදේශවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය මත ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 120000කට පමණ සීමා වී ඇති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවැති කැබිනට් තීරණදැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එම තත්ත්වය නිසා මෙට්‍රික් ටොන් 60000ක පමණ ලුණු හිඟයක් පවතින බව හෙතෙම කීවේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මෙට්‍රික් ටොන් 60000ක පමණ හිඟයක් තියෙනවා. ගෙදරදොරට විතරක් නෙවෙයි කර්මාන්ත වලටත් ලුණු අවශ්‍යයි. කර්මාන්ත පවත්වාගෙන යෑමට ලුණු ගෙන්වා දෙන ලෙස කර්මාන්තකරුවන්ගෙන් දිගටම රජයට ඉල්ලීම් ආව. මේ ලුණු ප්‍රමාණය ගෙන්වා දෙන්න කියළා. ඒ නිසා තමයි කැබිනට් මණ්ඩලය විසින් මෙට්‍රික් ටොන් 30000ක උපරිම සීමාවකට ලුණු ගෙන්වීමට අවසර දුන්නේ. එතනදි මෙට්‍රික් ටොන් 4050ක් ගෙන්වීමට රාජ්‍ය වෙළෙඳ නීතිගත සංස්ථාව මැදිහත් වුණා. ඉතිරි ප්‍රමාණය කර්මාන්ත සහ වෙළෙඳ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරලා ඔවුන්ගේ අනුමැතිය සහිතව පෞද්ගලික සැපයුම්කරුවන්ට පුළුවන් ඔවුන්ගේ කර්මාන්ත සඳහා අවශ්‍ය ලුණු ප්‍රමාණය ලංකාවට ගෙන්වන්න.

  (නුවන් කොඩිකාර)

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT