අගලවත්ත, කුඩලිගම මහ විද්‍යාලයේ පන්ති කාමර සහිත ගොඩනැඟිල්ලක් මතට පෙරේදා (25) උදෑසන පාසල් භූමියේ තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් එම ගොඩනැඟිල්ලේ වහලට හා පන්ති කාමරවලට දැඩි හානි සිදුව තිබේ.
මෙදින පාසල් නිවාඩු දිනයක් වීම හේතුවෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වැළකී ගොස් ඇති අතර මේ අනතුර පාසල් දිනයක සිදුවූවානම් දරුවන් විශාල පිරිසන් තුවාල ලබන්නට ඉඩ ඇතැයි මවුපියන් පවසති.
කුඩලිගම මහ විද්‍යාලයේ ගොඩනැඟිලි අවට අවදානම් තත්ත්වයේ පැරණි විශාල ගස් රාශියක් දක්නට ලැබෙන අතර එම ගස් ගොඩනැඟිලි වහලය ආසන්නයට පහත් වී ඇති බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
ඒ අනුව දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අධ්‍යාපන බලධාරීන් මේ පාසල් භූමියේ ඇති අවදානම් ගස් කොළන් පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු යැයි මවුපියෝ පවසති.
මීගහතැන්න සමූහ