වැලිපැන්න, කටුගහහේන ප්‍රදේශයේ ජයවඩනගම ප්‍රදේශයේ නිවෙසක් පසුගිය දා පරීක්ෂා කළ පොලීසියට ගෑස් සිලින්ඩරයක පතුල කපා එහි සඟවා තිබූ කසිප්පු මිලි ලීටර් 35000ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව වැලිපැන්න පොලීසිය පවසයි.
කසිප්පු පැකට් කර ගෑස් සිලින්ඩරයක පතුල කපා හැදූ සිදුරකින් ඇතුළුකර අඟුළු දමා තිබුණු අතර ඉතිරි කසිප්පු තොගය බෝතල් සහ ප්ලාස්ටික් භාජනවල තිබුණු බව පොලීසිය පැවැසීය.
කාලයක් තිස්සේ ඉතා සූක්ෂ්ම ලෙස හා රහසිගතව විවිධ ස්ථානවල සඟවමින් මෙම ජාවාරම පවත්වාගෙන ගිය සැකකරු හා කසිප්පු තොගය මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව පොලීසිය සඳහන් කළේය.
වැලිපැන්න පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ පොලිස් සැරයන් සිසිර මහතාගේ මෙහෙය වීමෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරුන් වන මල්ලවආරච්චි (66978), වඩුගේ (71308) යන නිලධාරීන් මෙම වැටලීම සිදු කර ඇත.
මීගහතැන්න සමූහ අලුත්ගම සමූහ – තුසිත කුමාරද සිල්වා
මතුගම සමූහ – බී.ටී. තඹවිට