Home » සෞඛ්‍යයෙන් තහනම් එන්සි මත්කුඩු කිලෝ 6ක් එක්ක අයෙක් දැලේ

සෞඛ්‍යයෙන් තහනම් එන්සි මත්කුඩු කිලෝ 6ක් එක්ක අයෙක් දැලේ

by sachintha
January 27, 2025 1:17 am 0 comment

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර ඇති මෙරටට ආනයනය කර ඇති ගංජා මිශ්‍ර එන්සි නමැති මත්කුඩු කිලෝ 6යි ග්‍රැම් 800ක් සමඟ සැකකරුවකු හැටන් පොලීසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් පෙරේදා (25) අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් පොලිස් කොට්ඨාස බුද්ධි අංශයට ලද තොරතුරක් මත හැටන් පොලීසියේ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් මෙම මත්කුඩු තොගය හැටන් හිජ්රාපුර ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී වැටලීමක් සිදු කර අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මෙම මත්කුඩු හැටන් ප්‍රදේශයට රැගෙනවිත් කුඩා පැකට්වල අසුරා ප්‍රදේශයේ පාසල් ළමුන් ඇතුළු තරුණ පිරිස් ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව වූ පුද්ගලයකු බවත්, සැකකරු බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් වැටලීමට එක් වූ හැටන් පොලීසියේ නිලධාරියකු කියා සිටියේය. අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

නෝර්වුඩ් සමූහ – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT