ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදි කරන ලද ඊගල්ස් නැරඹුම් මධ්‍යස්ථානය (Eagle’s View Point) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (26) විවෘත කෙරිණ.
මුහුදු මට්ටමේ සිට අඩි 6182 උසකින් පිහිටි ලංකාවේ උසම ගම්මානය වශයෙන් හැඳින්වෙන නුවරඑළිය ශාන්තිපුර ගම්මානයේ මෙම නැරඹුම් ස්ථානය ඉදි කර ඇත.
ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරමින්, දේශීය ආර්ථිකය ඉහළ දමමින්, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමේ අරමුණ ඇතිව මෙම නැරඹුම් මධ්‍යස්ථානය ඉදි කිරීමේ කටයුතු ආරම්භ කෙරිණ.
මේ සඳහා සංචාරක සංවර්ධන අධිකාරියෙන් මූල්‍ය අනුග්‍රහය දක්වා ඇති අතර, ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉංජිනේරු සහාය සැලසුම් ඒකකය විසින් ලබා දී ඇත.
විවෘත කරනු ලැබූ ඊගල්ස් නැරඹුම් මධ්‍යස්ථානයේ සිට නුවරඑළිය නගරය, පේදුරුතැන්න, හග්ගල, ග්‍රෙගරි වැව, කිකිළියාමාන්න, ශ්‍රීපාදය, සප්ත කන්‍යා කඳුවැටිය ඇතුළු බොහෝ ප්‍රදේශ සංචාරකයන්ට දැක බලාගත හැකිය.
මෙම ස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් QR කේතය සහිත ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරණ අතර, දේශීය සහ විදේශ සංචාරකයන් වෙනුවෙන් විවිධ ගාස්තු යටතේ ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලබයි.
නැරඹුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණි අමාත්‍යවරයා වෙත ගුවන් හමුදාව විසින් සිහිවටනයක් පිරිනැමූ අතර, එම ස්ථානයට පැමිණ සිටි ප්‍රදේශවාසීන් සමඟ අමාත්‍යවරයා සුහද සාකච්ඡාවක නිරත විය.
ඊගල්ස් නැරඹුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න, නුවරඑළිය රාජ්‍ය ආයතන නිලධාරීන්, සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන්, ගුවන් හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.
නෝර්වුඩ් සමූහ – රංජිත් රාජපක්ෂ