Wednesday, April 23, 2025
Home » වෛද්‍යවරියක් වී රටට සේවය කරනවා

වෛද්‍යවරියක් වී රටට සේවය කරනවා

-ලකුණු182ක් ගෙන දිස්ත්‍රික් ප්‍රථමයා වූ මොනරාගල රාජකීයයේ මෙත්මි

by sachintha
January 27, 2025 1:26 am 0 comment

පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් මොනරාගල රාජකීය මහා විද්‍යාලය දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබාගනිමින් උසස් ප්‍රතිඵල හිමි කරගෙන තිබේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 183ක් විභාගයට ඉදිරිපත් වී සිටි අතර එයින් 118ක් ලකුණු 137කට වැඩියෙන් ලබාගෙන ඇත.

ලකුණු 70ට වැඩියෙන් ළමයින් 178ක් ලබාගෙන ඇති අතර සමත්වීමේ ප්‍රතිශතය 97.2% කි.

ලකුණු 182ක් ලබාගෙන විද්‍යාලයේ ඉගෙනුම ලබන එස්.එච්. මෙත්මි විදස්නා ශිෂ්‍යාව දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබේ. තම ජයග්‍රහණය ගැන අදහස් දැක්වූ නෙත්මි මෙසේ පැවසුවාය.

අපේ පාසලේ විදුහල්පති චමින්ද දේශප්‍රිය අත්තනායක මහතා ඇතුළු 1 වසරේ සිට අධ්‍යාපනය දුන් සියලු ගුරුවරු පන්ති භාර ගුරුතුමිය වන එරන්දිකා ලක්මාලි ගුරුතුමියත් මම ආදරයෙන් සිහි කරනවා. ඒ අතරම මට උපකාරක පන්ති කළ ජයන්ත උඩවෙලආරච්චි ගුරුතුමාටත් ස්තුති කරනවා.

මගේ ජයග්‍රහණයේ නියමුවන් වූයේ ඔවුන්. එදිනෙදා දුන් වැඩ එදාම කළා.ඒ නිසා වැඩිපුර වෙහෙස මහන්සි වීමට සිදුවුණේ නැහැ. සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දුන්නා. මගේ ඉදිරි අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක් වී රටට සේවය කිරීමයි. ඇයගේ මවුපියන් වන්නේ නාලක පත්මකුමාර, නදීකානි ආරියදාස වෛද්‍ය දෙපළයි. ඇයට බාල සහෝදරයන් දෙදෙනකු සහ බාල සහෝදරියක් සිටියි.

ඩී.එස්. ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT