Tuesday, April 22, 2025
Home » කටාර් හි ශ්‍රී ලංකා තානාපතිනි සිතාර ඛාන්
සිය ධූරවල රාජකාරි අරඹමින්...

කටාර් හි ශ්‍රී ලංකා තානාපතිනි සිතාර ඛාන්

by sachintha
January 27, 2025 1:25 am 0 comment

 

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනිය වශයෙන් පත්කළ සිතාර ඛාන් මහත්මිය විසින් එම ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ.

ඒ මහත්මිය කටාර් රාජ්‍යය සඳහා පත්කළ පළමු ශ්‍රී ලංකා තානාපතිනිය බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව කාර්ය මණ්ඩලය අමතමින් තානාපතිනිය ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා සහ ශ්‍රී ලංකාව හා කටාර් රාජ්‍යය අතර ද්වි-පාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ සැලසුම් පිළිබඳව පැහැදිලි කළාය. වෘත්තීමය ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරිනියක වන ඇය ශ්‍රී ලංකාවේ කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියකි. 1998දී ශ්‍රී ලංකා විදේශ සේවයට සම්බන්ධ වූ ඇය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ විවිධ තනතුරුවල සේවය කර ඇති අතර, මෑතකාලීනව සාර්ක් සහ ලතින් අමෙරිකාව සහ කැරිබියන් සඳහා අතිරේක ලේකම්වරිය වශයෙන් ද කටයුතු කළාය.

කටාර්හි ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස පත්වීමට පෙර ඇය ලන්ඩන්, චෙන්නායි, දෝහා සහ ඔටාවා හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සේවය කළාය. එහිදී ඇය නියෝජ්‍ය මහකොමසාරිස් සහ වැඩබලන මහකොමසාරිස් ලෙස සේවය කර ඇත.

තානාපති ධුරයට පත් සිතාර ඛාන් මහත්මිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කලා උපාධියක් සහ ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. ඇය කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවකි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT