Home » තාරකා විද්‍යා රාත්‍රී ගවේෂණ තරගයෙන් පළමු තැන ගිනිගත්හේන මැදි විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයට

තාරකා විද්‍යා රාත්‍රී ගවේෂණ තරගයෙන් පළමු තැන ගිනිගත්හේන මැදි විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයට

by sachintha
January 27, 2025 1:24 am 0 comment

මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා සංගමයෙන් සංවිධාන කළ ‘තාරකා විද්‍යා රාත්‍රී ගවේෂණ’ තරගයෙන් ප්‍රථම ස්ථානය හිමි කරගැනීමට නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් අධ්‍යාපන කලාපයට අයත් ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය සමත් විය.

ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඒ. ඒ. උපුල් ඉන්ද්‍රජිත් මහතා තම පාසල ලැබූ මේ ජයග්‍රහණය පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය. “පසුගියදා මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේදී පැවැති මේ තරගයෙන් අපේ පාසලේ තාරකා විද්‍යා සංගමයට ප්‍රථම ස්ථානය හිමි කරගැනීමට හැකි වුණා. එම ජයග්‍රහණය පාසලට කීර්තියක් වගේම බෙහෙවින් සතුටට කරුණක්.”

ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ එල්. ඒ. ඩී. ලහිරු රශ්මික නිලුපුල්, එල්. තරුෂ මල්ෂාන්, කසුන් රශ්මික, ඊ. ජී. රුවනිමා සුනෙත්මි, පී. ජී. නිරාෂා සිත්මිණි, ජේ. ඒ. ලිහිණි ලිවිසරණි, ජේ. එල්. නේජා සනුති, සුලක්ෂි ඉමායා වික්‍රමසිංහ, ආර්. ප්‍රබුද්ධි ප්‍රියංජනා, වී. මෙත්මිණි මලිෂා සහ යූ. ජී. ආශිංශනා සත්සරණි සිසු සිසුවියෝ මේ ජයග්‍රාහී කණ්ඩායමට ඇතුළත් වූහ. නිරෝෂ් ජයනන්ද ගුරු මහතා එම කණ්ඩායම භාරව කටයුතු කළේය.

ජී. ඒ. ගුණසේන ගිනිගත්හේන විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT