Home » විදත් ජාතික හැඳුනුම්පත් ක්‍රියාවලිය හඳුන්වා දෙමින්

විදත් ජාතික හැඳුනුම්පත් ක්‍රියාවලිය හඳුන්වා දෙමින්

by sachintha
January 27, 2025 1:22 am 0 comment

විදත් ජාතික හැඳුනුම්පත් (e-NIC) පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමේ වැඩසටහනක් පසුගියදා (24) කොළඹ, ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේදී (ICTA) පැවැත්විණි.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය ඇමැති, ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වූ අතර, මෙහිදී විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රධාන අභියෝග සහ මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡාවට ලක් විය.

මේ දැනුම්වත් කිරීමේ වැඩසටහන සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක සහ ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති, ආචාර්ය හාන්ස් විජයසූරිය සහ එහි අධ්‍යක්ෂ සංජය කරුණාසේන මහත්වරු ද එක්ව සිටියහ.

මෙහිදී විදත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය පිළිබඳව ඔවුන් විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

ජනාධිපති අනුර කුමාර දිසානායත මහතාගේ දැක්මට අනුව ක්‍රියාත්මක වන ඩිජිටල් ආර්ථික වැඩසටහනට සමගාමීව විදත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය විධිමත් කිරීම සහ ඒ පිළිබඳ ජනතාවට පැහැදිලි අවබෝධයක් දීම මේ වැඩසටහනේ අරමුණයි.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT