27
අපවත් වී වදාළ උතුරු නැඟෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක, වවුනියාව ශ්‍රී බෝධිදක්ෂිණාරාම විහාරයේ විහාරාධිපති සාමශූරී සියඹලාගස්වැවේ විමලසාර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පෙරේදා (25) වවුනියාව ශ්‍රී ගුණානන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී සිදු කෙරිණි. මේ අවස්ථාවට මහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ද, ප්‍රභූවරු විශාල පිරිසක් ද එක්ව සිටියහ.සියලු ජාතීන් අතර සාමය, සමගිය සහ සහජීවනය ගොඩනැඟීමට විමලසාර නාහිමියන් වසර ගණනාවක සිටම දැඩි කැපවීමෙන් ක්‍රියා කළ හිමිනමකි.
උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ