Home » බංකොලොත් වූ රට ආණ්ඩුව මුදා ගත්තා යැයි කීම අමූලික බොරුවක්

බංකොලොත් වූ රට ආණ්ඩුව මුදා ගත්තා යැයි කීම අමූලික බොරුවක්

-ලංකා ප්‍රගතිශීලී සේවක පෙරමුණේ නායක, ආචාර්ය ඉලංගෝ ගාන්ධි

by sachintha
January 27, 2025 1:18 am 0 comment

වත්මන් ආණ්ඩුව පවසන ආකාරයට බංකොලොත් වූ රට මාස දෙකෙන් මුදා ගත්තා යැයි කීම පට්ටපල් බොරුවක් බව සමස්ත ලංකා ප්‍රගතිශීලී සේවක පෙරමුණේ නායක, ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ හැටන්හි ඒ මහතාගේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“රට බංකොලොත් වූ වෙලාවෙ මේ රට භාර ගන්න කියලා සජිත් ප්‍රේමදාස මහතාටත් අනුර කුමාර දිසානායක මහතාටත් කිව්වා. ඒත් ඒ අය මේ රට භාර ගත්තේ නෑ.

ඒත් රනිල් වික්‍රමසිංහ මහතා එදා රට භාරගත්තා. ඔහු පෝලිම් නැති කර, තෙල් ගෙනත්, ඩොලර් ගෙනත් බංකොලොත් වූ රට බේර ගත්තා. ඒත් දැන් මේ ආණ්ඩුව කියනවා, අපි තමයි මාස දෙකෙන් මේ රට බේරා ගත්තේ කියලා. මෙය පට්ටපල් බොරුවක්.

අපි මේ ආණ්ඩුවට දොස් කියන්නේ නෑ. ඒත් බොරු කියන්න එපා. අපි කියන්නේ ජනතාවට සේවය කරන්න කියලයි. අවුරුදු 50ක් නොවෙයි අවුරුදු 100ක් මේ රට පාලනය කළත් අපට ප්‍රශ්නයක් නෑ. බොරු කියන්න එපා.

රනිල් වික්‍රමසිංහ මහත්තයා කළ අස්වැසුම මේ අය ඉදිරියට ගෙනයනවා. පාසල් දරුවන්ට රුපියල් හය දාහක් දෙනවා කියනවා. ඒත් පාසල් දරුවන්ගේ මවුපියන් ග්‍රාම සේවක නිලධාරියා ළඟට යනකොට ඒ අය කියනවා එහෙම චක්‍රලේඛයක් ඇවිත් නෑ කියලා. මෙය ජනතාව ඉල්ලපු දෙයක් නෙවෙයි.”

හැටන් මධ්‍යම විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT