Tuesday, April 8, 2025
Home » සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ තීරණයෙන් අමෙරිකාව සහ මෙක්සිකෝව අතර අර්බුදයක්

සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ තීරණයෙන් අමෙරිකාව සහ මෙක්සිකෝව අතර අර්බුදයක්

by sachintha
January 27, 2025 12:30 am 0 comment

අමෙරිකාවේ සිටින මෙක්සිකෝ ජාතික අනවසර සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගනු ලැබූ ඒකපාර්ශ්වික තීරණයට එරට රජය දැඩි විරෝධය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සංක්‍රමණිකයන් රැගෙන එන අමෙරිකානු හමුදා ගුවන් යානාවලට සිය භූමියේ ගොඩ බැස්වීම මෙක්සිකෝ රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අමෙරිකාවේ රැඳී සිටින මිලියන 5ක මෙක්සිකෝ ජාතික අනවසර සංක්‍රමණිකයන් ඉවත් කිරීම ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කරනු ලැබූ විධායක නියෝග අතර ප්‍රමුඛස්ථානයට පත්වූ බවත්, එම පිරිස අතුරින් 538 දෙනකු අපරාධකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත් ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලින් ලීවෙට් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගය නිකුත් වීමෙන් පසුව ද අමෙරිකාවට ඇතුළුවීම සඳහා දේශසීමාව අසල දහස් සංඛ්‍යාත මෙක්සිකෝ ජාතිකයන් පිරිසක් එක්රොක්වී සිටි බවත්, දේශසීමා ආරක්ෂාවට අතිරේක හමුදා යොදවන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග නිකුත් කර ඇති බවත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT