Wednesday, April 23, 2025
Home » ඉන්දියාවේ කෘත්‍රිම බුද්ධි ව්‍යාපෘතියකට මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ඩොලර් බිලියන 3ක්

ඉන්දියාවේ කෘත්‍රිම බුද්ධි ව්‍යාපෘතියකට මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ඩොලර් බිලියන 3ක්

by sachintha
January 27, 2025 1:26 am 0 comment

ඊළඟ වසර දෙක තුළ ඉන්දියාවේ කෘත්‍රිම බුද්ධි යටිතල පහසුකම් සංවර්ධනය කිරිම සඳහා ම මයික්‍රොසොෆ්ට් සමාගම විසින් අමෙරිකානු ඩොලර් බිලියන 3ක ආයෝජනයක් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩේලා පසුගියදා නිවේදනය කර ඇත්තේ ඉන්දීය රජයේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ මුලපිරීම්වලට අනුව ඉන්දියාවේ කෘත්‍රිම බුද්ධි ඒකකය සමඟ ඒකාබද්ධව එම සංවර්ධන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවය.

වර්තමානය වන විට වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා ඉන්දියාවේ ඇති ඉල්ලුම සහ ගෝලීය ආර්ථිකයට එමඟින් සිදුවන බලපෑම සැලකිල්ලට ගනිමින් ආරම්භ කිරීමට නියමිත එම ව්‍යාපෘතිය මඟින් ඉන්දියාව ලොව විශාලතම කෘත්‍රිම බුද්ධි ආර්ථිකය බවට පත්වනු ඇතැයි ද අනාවැකි පළ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම ව්‍යාපෘතිය තුළින් ඉදිරියේදි ඉන්දියාවේ සෞඛ්‍ය, බැංකු, මූල්‍ය සහ අධ්‍යාපනික ක්ෂේත්‍ර තුළ කැපී පෙනෙන ප්‍රගතියක් සිදුවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT