Home » ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම අමෙරිකාව යළි සලකා බලයි

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම අමෙරිකාව යළි සලකා බලයි

by sachintha
January 27, 2025 1:20 am 0 comment

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමට ගත් තීරණය යළි සලකා බලන බව ලාස් වේගාස් නුවර පැවැති උත්සවයකදී අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බව ජනාධිපතිධුරයේ දිවුරුම් දුන් දිනයේදිම ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබූ අතර, ඒ පිළිබඳ කනස්සල්ල පළ කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

කෙසේවුවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අමෙරිකානු සාමාජිකත්වය අහෝසිවීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි මස 22 වැනිදා බැවින් ජනාධිපතිවරයාට සිය තීරණය වෙනස් කිරීමට වසරක කාලයක් ඉතිරිව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT