Home » පුංචි ඡන්දය පවත්වන දිනය ගැන ඉඟියක්

පුංචි ඡන්දය පවත්වන දිනය ගැන ඉඟියක්

by chanaka
January 26, 2025 6:41 am 0 comment

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන අප්‍රේල් මාසය තුළ පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කරයි.

පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසු ඡන්ද විමසීම පිළිබඳව තීන්දු තීරණ ගැනීමේ හැකියාව පවතින බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

මැතිවරණ සම්බන්ධ සිද්ධීන් විභාග කිරීම සදහා වෙනම අධිකරණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මාතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් සදහන් කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT