Home » ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය දේව කන්නලව්වක

ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය දේව කන්නලව්වක

by chanaka
January 26, 2025 10:43 am 0 comment

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වී වසර 15ක් සපිරීම නිමිත්තෙන් පාංශුකූලය අහිමි මිනිසුන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් සන්ධ්‍යා එක්නැලිගොඩ නවගමුව පත්තිනි දේවාලයේ ඉකුත් 24වැනිදා දේව කන්නලව්වක් පැවැත්වූවාය.

මාධ්‍යවේදී ප්‍රගීත් එන්නැලිගොඩ ඇතුළු මිනිසුන් වෙනුවෙන් “කන්නගී පූජාව සමගින් අධිෂ්ඨාන පූජාව” ලෙස මෙම වැඩසටහන නම් කර තිබුණේය.

2010 ජනවාරි 24වැනිදා කොළඹ තදාසන්න ප්‍රදේශයකදී පැහැරගෙන යන ලද ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳව මෙතෙක් අධිකරණයක් හමුවේ සත්‍යය අනාවරණය කර යුක්තිය තහවුරු කර නොමැත.

ජනමාධ්‍ය මර්දනය සහ අපරාධ මුක්තිය පිළිබඳ සංකේතයක් වශයෙන් ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ ඉරණම අදටත් කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක් වශයෙන් යටගසා ඇත.

ඡායාරූප – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT