Monday, April 21, 2025
Home » බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය ඉහළට – නිෂ්පාදකයින් රජයට ස්තූති කරයි

බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය ඉහළට – නිෂ්පාදකයින් රජයට ස්තූති කරයි

by chanaka
January 26, 2025 6:40 am 0 comment

Chicken

මේ වන විට සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීමට අවස්ථාව සැලසී ඇති බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ පසුගිය සමයේ රටේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කළ බවයි.

අජිත් ගුණසේකර මහතා මෙහිදී සඳහන් කළේ මේ වන විට බිත්තර සිල්ලර වෙළඳපොළේ රුපියල් 25 – 28 අතර මුදලකට ඇති අතර සම සහිත ශීත කළ කුකුළු මස් රුපියල් 900ක මුදලකටත් සම රහිත කුකුළු මස් රුපියල් 1000ක මුදලකටත් ලබා ගැනීමට අවස්ථාව ඇති බවයි.

මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ඉතා අවදානම් සහගත අවස්ථාවක ආයෝජනය කර ‍රටේ අවශ්‍යතාවයට බිත්තර නිෂ්පාදනය කරමින් පවති.

“නව රජයේ ප්‍රතිපත්තිය තිබ්බේ පිටරටින් කුකුළු මස් සහ බිත්තර පිටරටින් ආනයනය කරන්නේ නැහැ කියන එක , අපි නව රජයේ ප්‍රතිපත්තිවලට ස්තූතිවන්ත වෙනවා”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT