Tuesday, April 22, 2025
Home » සති තුනට ඩෙංගු රෝගීන් 3,811ක්

සති තුනට ඩෙංගු රෝගීන් 3,811ක්

by chanaka
January 26, 2025 6:25 am 0 comment

මේ වසරේ ජනවාරි මස මුල් සති 3 තුළ පමණක් රට පුරා නව ඩෙංගු ආසාදිතයන් 3,811ක් හඳුනාගෙන ඇති අතර, එයින් 45.2%ක් – එනම්: රෝගීන් 1,723ක්ම වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 508ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 105ක් හඳුනාගෙන ඇති අතර, ඩෙංගු හේතුවෙන් මේ වසරේ මේ දක්වා මරණ 2ක් සිදුව තිබේ.

2024 වසරේදී වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 49,873ක් වන අතර, එයින් ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස තුන තුළ පමණක් ඩෙංගු ආසාදිතයන් 10,054ක් වාර්තා වූ බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලින් හෙළි වේ. සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 22ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස පවතින බව ද එම ඒකකය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT