Tuesday, April 22, 2025
Home » පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් දැලේ

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් දැලේ

by chanaka
January 26, 2025 11:23 am 0 comment

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව මන්නාරම, ගමනාගමන මණ්ඩල ඩිපෝව ඉදිරිපිට සහ ශාන්තිපුරම් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස ‍වෝටර් ජෙල් නමැති පුපුරණ ද්‍රව්‍ය කූරු දහයක් , විදුලි නොවන ඩෙටනේටර් දහයක් සහ සේෆ්ටි ෆියුස් අඩි දෙකක් ප්‍රවාහනය කළ සහ සඟවා තබා සිටි සැකකරුවන් දෙදෙනෙකු සමඟ යතුරු පැදියක් නීතියේ රැහැනට හසුකර ගෙන තිබේ.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය, මන්නාරම පොලිස් අපරාධ විමර්ශන කාර්යංශය හා එක්ව, ඉකුත් 24වැනිදා මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇත.

මෙහෙයුමේදී, මාර්ගයේ ගමන්ගත් සැකකටයුතු යතුරු පැදියක් පරීක්‍ෂාවට ලක්කර, නීති විරෝධි ලෙස අලෙවි කිරීමට රැගෙන යමින් තිබූ ‍වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු දහයක් සමඟ එම සැකකරු සහ යතුරු පැදිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. පසුව, ශාන්තිපුරම් ප්‍රදේශයේ නිවසක් පරික්‍ෂා කිරීමේදී, එම නිවසේ සඟවා තිබූ විදුලි නොවන ඩෙටනේටර් දහයක් සහ සේෆ්ටි ෆියුස් අඩි දෙකක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන්, අවුරුදු 28ත් 36ත් අතර වයසේ පසුවන මන්නාරම තාවුල්පාඩු සහ ශාන්තිපුරම් ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වේ.

එම සැකකරුවන්, පුපුරණ ද්‍රව්‍ය තොගය සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT