තායිලන්තයේ බැංකොක් අගනුවර වායු දුෂණ තත්වය හේතුවෙන් පාසල් 350කට අධික සංඛ්‍යාවක් වසා තැබීමට එරට බලධාරින් පියවර ගෙන තිබේ.
වායු තත්ව දර්ශකයන්ට අනුව බැංකොක් නුවර ලොව 7වන වායු දුෂිත නගරය ලෙස ශ්‍රේණි ගත කර ඇත.
තායිලන්තයට බලපා ඇති වායු දුෂණ තත්වය හේතුවෙන් පසුගිය සතියේ බදාදා වනවිට පාසල් 250ක් වසා තැබීමට බලධාරින් විසින් පියවර ගෙන තිබුණි.
තායිලන්තයේ අගනුවර වායු දූෂණය හේතුවෙන් සිකුරාදා පාසල් 350 කට වැඩි ප්‍රමාණයක් වසා දැමීමට සිදුව ඇති අතර රජය රැකියා නියුක්තියන්ට ද දැනුම් දී ඇත්තේ, නිවසේ සිට වැඩ කරන ලෙසයි.
නගරය තුළ බර වාහන සීමා කිරීමටද පියවර ගෙන තිබේ.
එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ රජය ඊයේ දිනයේ සිට ලබන 31වැනිදා දක්වා බස් රථ, විදුලි දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවය ජනතාවට නොමිලේ සැපයීමට පියවර ගෙන ඇති බවයි.