Home » ඉමදූවේදී බස් රථ 3ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

ඉමදූවේදී බස් රථ 3ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

by chanaka
January 26, 2025 10:32 am 0 comment

ගාල්ල, ඉමදූව, අඟුලුගහ හන්දියේදී බස් රථ 03ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇත.

මෙහිදී එක් බස් රථයක් නවත්වා තිබියදී පිටුපසින් තවත් බස් රථයක් හැපී ඇති අතර පිටුපසින් පැමිණි තවත් බස් රථයක් එහි අනෙක් බස් රථයේ ගැටී ඇතැයි පොලිසිය සදහන් කරයි.

අනතුරින් පුද්ගලයින් 29 තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 23 දෙනෙකු ඉමදූව රෝහල වෙතත් තවත් පුද්ගලයින් 6 දෙනෙකු කරාපිටිය රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ දෙකක් සහ කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT