Home » මහවැලි පුනරුද සතිය හෙට ඇරඹේ

මහවැලි පුනරුද සතිය හෙට ඇරඹේ

by chanaka
January 26, 2025 6:27 am 0 comment

සමස්ත ශ්‍රී ලංකාවම වගාවෙන් ස්වයංපෝෂිත කිරීම අරමුණ කර ගත් ‘මහවැලි පුනරුද සතිය’ හෙට (27) මහවැලි ‘එච්’ කලාපය මුල් කරගෙන තඹුත්තේගම හා ගල්නෑවේදී ආරම්භ කෙරේ.

මහවැලි ‘එච්’ කලාපයම මහවැලි පුනරුද සතිය වෙනුවෙන් මේ වන විටත් සූදානම්ව ඇති අතර, පළමු දින දැනුවත් කිරීම් හා ශ්‍රමදාන කටයුතුවලින් වැඩසටහන ආරම්භ වනු ඇත.

2025 වසර පුරා මේ ව්‍යාපෘතිය මහවැලි කලාප මුල් කර ගනිමින් ක්‍රියාත්මක වන අතර, මේ වැඩසටහනේ විශේෂත්වය වන්නේ ගොවීන් හා නිලධාරීන් මුල් වී කටයුතු සිදු කිරීමයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT