Wednesday, April 23, 2025
Home » ශ්‍රී ලංකාව අදානි සමඟ ඇතිකරගත් ගිවිසුම අවලංගු කරන්න තීරණය කර නැහැ

ශ්‍රී ලංකාව අදානි සමඟ ඇතිකරගත් ගිවිසුම අවලංගු කරන්න තීරණය කර නැහැ

by chanaka
January 25, 2025 5:55 pm 0 comment

අදානි සමූහ ව්‍යාපාරය සමග රට තුළ සුළං බලශක්ති ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අවලංගු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන නොමැති බව රජයේ ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු සඳහන් කළේ අදාළ ව්‍යාපෘතියේ ඉදිරිපත් කර තියෙන විදුලි ගාස්තු සම්බන්ධයෙන් පමණක් නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.

එය ව්‍යාපෘතිය අවලංගු කිරීමක් නොවන බව ඔහු සඳහන් කළේය.

ඊට අමතරව එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය හමුවේ නඩු ගණනාවක් පවතින බවත් එම නඩුවල තීන්දු සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් පවතින මතභේදාත්මක තත්ත්වය හමුවේ රජය මෙම පැහැදිලි කිරීම සිදුකළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT