තර්ස්ටන් විද්‍යාලයේ හිටපු කරාටේ නායකයකු සහ දකුණු ආසියානු කරාටේ ශූරතා පදක්කම්ලාභී දුල්වන් ජයරත්න, කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති බස්නාහිර පළාත් වර්ණ ප්‍රදානෝත්සවයේදී 2023 වසරේ හොඳම ක්‍රීඩකයා ලෙසින් සම්මානයට පාත්‍ර විය.
එම වසරේ ජාතික කරාටේ ශූරතාවලියේදී ඔහු කුම්තේ රන් පදක්කමක් සහ කටා රිදී පදක්කමක් ලබා ගත්තේය. 2024 වාරයේ දී ඔහු ජාතික කරාටේ ශූරතාවලියේදී කුමිතේ ක්‍රීඩාවෙන් තවත් රන් පදක්කමක් සහ කටා ක්‍රීඩාවෙන් රිදී පදක්කමක් දිනා ගනිමින් සිය ජයග්‍රාහී ගමන දිගටම කරගෙන ගියේය. ඔහු සමස්ත ලංකා ක්‍රීඩා උළෙලේ කුම්තේ කණ්ඩායම් ලෝකඩ පදක්කමක් එක් කළේය.
ඔහු බංගලාදේශයේ පැවති 5 වැනි දකුණු ආසියානු කරාටේ ශූරතාවලියේදී කාතා ක්‍රීඩාවේ ලෝකඩ පදක්කමක් ද, 6 වැනි දකුණු ආසියානු තරගාවලියේ කුම්තේ රිදී පදක්කමක් ද ඇතුළත් වේ.