Home » වයඹ ආණ්ඩුකාර කාර්යාලය හදන්න වෙන් කළ මිලියන 294 වතුරේ

වයඹ ආණ්ඩුකාර කාර්යාලය හදන්න වෙන් කළ මිලියන 294 වතුරේ

කෝටි 4ක යකඩ කම්බි දිරාපත් වෙලා

by mahesh
January 24, 2025 1:00 am 0 comment

මාවතගම විශේෂ ආනන්ද විජේතිලක

වයඹ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට 2019 වසරේ ආණ්ඩුකාර කාර්යාලයක් ඉදි කිරීම සඳහා මිලියන 294ක මුදලක් වැයකර ඉදිකිරීම් ආරම්භ කර ඇති ගොඩනැඟිල්ලේ යකඩ කම්බි විනාශ වෙමින් පවතින බව සේවකයෝ පවසති.

මෙම ගොඩනැගිල්ල සම්පූර්ණ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 974ක මුදලක් ඇස්තමේන්තු කර ඇති බවත් ඉදිකිරීම් කටයුතු සිදුකිරීම සඳහා ගෙනවිත් දමා ඇති රුපියල් කෝටි 4කට අධික කම්බි දිරාපත් වීමට ඉඩ හැර ඇති අතර අඩි 500ක් පමණ උසට දොඹකරයක් නවතා ඇති බවත් එය ද දිරාපත්වෙමින් පවතින අතර කුමන අවස්ථාවක හෝ කඩාවැටුණහොත් ජීවිත හානි රැසක් සිදුවිය හැකි බවද ඔවුහු පෙන්වා දෙති.

පසුගිය කාලයේ වයඹ පළාතට පැමිණි හිටපු ආණ්ඩුකාරවරුන් දීර්ඝ කාලයක් සේවය කර නොමැති අතර ආණ්ඩුකාරවරුන් සඳහා කාර්යාල පහසුකම් තිබියදී පසුගිය රජයෙන් පත් කළ එක් ආණ්ඩුකාරවරයකු විසින් මෙම විනාශය සිදුකළ බවත් දැනට එම ගොඩනැඟිල්ලේ සියලු සම්පත් දිරාපත් වී ඇති බවත් රිළවුන්ගේ පාරාදීසයක් බවට පත්වී ඇති බව ද ඔවුහු කියති.

වයඹ පළාතේ රාජ්‍ය ආයතන රැසක්, පෞද්ගලික ගොඩනැඟිලිවල කුලී පදනම මත ලබා ගෙන ඇති අතර නව රජයෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම ගොඩනැඟිල්ල ඉදිකර ජනතා අයිතියට පවරා දෙන ලෙසය. මෙම ගොඩනැඟිල්ල සඳහා යෙදවූ මුදල් පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් කරන ලෙසත් පළාත් සභා සේවකයෝ ඉල්ලා සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT