Tuesday, April 22, 2025
Home » වල්බිහිවී තිබූ මාතර මැද්දවත්ත වී ගබඩාව යුද හමුදාවෙන් ශුද්ධ පවිත්‍ර කරයි

වල්බිහිවී තිබූ මාතර මැද්දවත්ත වී ගබඩාව යුද හමුදාවෙන් ශුද්ධ පවිත්‍ර කරයි

by mahesh
January 24, 2025 1:00 am 0 comment

අකුරැස්ස මධ්‍යම විශේෂ විජිත සල්ගාදු

මහ කන්නයට අදාළව වී මිල දී ගැනීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ වී මිල දී ගැනීමේ කටයුතු සඳහා මාතර – මැද්දවත්ත වී ගබඩාව සූදානම් කිරීම මේ දිනවල සිදු කෙරෙමින් පවතියි.

වල්බිහි වී ඇති මෙම වී ගබඩා භූමිය ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත්වීමෙන් ශුද්ධ පවිත්‍ර කිරීම සිදු කරනු ලබන අතර එම වැඩපිළිවෙලළ පිළිබඳව සොයා බැලීම සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා ඉකුත් 21 වැනි දින නිරීක්ෂණ චාරිකාවක නිරතවිය. වී මෙට්‍රික් ටොන් 1000ක් එකවර ගබඩා කිරීමේ පහසුකම් මෙම වී ගබඩාව සතුව පවතියි. මාතර දිස්ත්‍රික්කයේ වී අස්වැන්න නෙළීමේ කටයුතු ආරම්භ කිරීමත් සමඟ වී මිල දී ගැනීම ද සිදු කිරීමට නියමිතය.

මේ අවස්ථාවට වී අලෙවි මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් කළමනාකාර සුනිල් ඕබඩආරච්චි මහතා ද එක්වීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT