Tuesday, April 22, 2025
Home » බදුලු දුම්රිය පොළේ වීදුරු-ප්ලාස්ටික් හිස් බෝතල් 20,000ක්

බදුලු දුම්රිය පොළේ වීදුරු-ප්ලාස්ටික් හිස් බෝතල් 20,000ක්

by mahesh
January 24, 2025 1:00 am 0 comment

ඌව පළාත් සමූහ - ප්‍රසන්න පත්මසිරි

කොළඹ – බදුල්ල අතර ධාවනය වන දුම්රියවලින් මාසිකව වීදුරු හා ප්ලාස්ටික් හිස් බෝතල් 20,000ක් පමණ එකතු වන බව දුම්රිය සේවකයෙක් පැවසීය.

දිනපතා දුම්රියේ ගමන් කරන මගීන් පරිහරණයෙන් පසු හිස් ප්ලාස්ටික් හා වීදුරු බෝතල් ආසන මත සහ තැනින් තැන දමා තිබියදී බදුල්ල දුම්රිය මැදිරියේ සේවකයන් විසින් ඒවා දුම්රිය ස්ථානයේම ආරක්ෂිතව ගොඩගසා පිටස්තර ආයතනවලට අලෙවි කිරීමට කටයුතු කරන බව ඔහු පවසයි. ඉවත දමන ද්‍රව්‍ය අතර හිස් ජල බෝතල්, බීර ටින් හා මත්පැන් බෝතල් වැඩි වශයෙන් තිබෙන බව පෙන්වා දෙන ඔහු දුම්රියේ ගමන් කරන ඇතැම් මගීන් ධාවනය වන දුම්රියෙන් පිටතට අපද්‍රව්‍ය දැමීමෙන් පරිසරික විනාශයන්ද සිදුව තිබෙන බව වැඩිදුරටත් පවසා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT