දරුවාට බෙහෙත් රැගෙන ඒමට ත්‍රිරෝද රථයෙන් ෆාමසියට යමින් සිටි එක්දරු පියකු මෝටර් රථයක ගැටී ත්‍රිරෝද රථය පෙරළී රියැදුරු තවත් මෝටර් රථයකට යටවී මියගොස් ඇති බව පයාගල පොලීසිය පවසයි.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ පයාගල අංගම්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි දමිත් අනුරංග නමැති සංචාරක ව්‍යාපාරයේ නිරත වූ එක්දරු පියකු බව පොලීසිය පවසයි.
ත්‍රිරෝද රථය කළුතර දෙස සිට බේරුවල දෙසට පෙරේදා (22) රාත්‍රියේ ගමන් කර ඇති අතර, උතුරු පයාගල මංසන්ධිය ආසන්නයේදී දකුණු පස පිහිටි ෆාමසිය දෙසට හැරවීමට සූදානම්ව සිටියදී පිටුපසින් පැමිණි මෝටර් රථයක ගැටී ත්‍රිරෝද රථය මාර්ගයේ දකුණු පසට පෙරළී ගොස් තිබේ. ඒ සමඟම බේරුවල දෙසින් පැමිණි වෙනත් මෝටර් රථයක ත්‍රිරෝද රථය ගැටී ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර, රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෝටර් රථ දෙකෙහි රියැදුරන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබේ. අනතුර සිදුවන ආකාරය අසල තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණි.