Home » කවුරු කෙඳිරි ගෑවත් පොල් ගෙන්වන්න

කවුරු කෙඳිරි ගෑවත් පොල් ගෙන්වන්න

by mahesh
January 24, 2025 1:00 am 0 comment

කවුරු කෙඳිරි ගෑව ද පිටරටින් පොල් ගෙන්වන ලෙස ඉල්ලා සිටින බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවෙ දී ඊයේ ( 23 වැනිදා ) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදි ඊයේ (23) පැවැති විවාදය අතරතුර අදහස් දක්වමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු න්ත්‍රීවරයා මෙසේද පැවසිය. මම මේ කතා කරන්නේ පොල් නැහැ කියලා කෙඳිරි ගාන්න නොවෙයි.මේක විශාල ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් පොල් අක්කර ලක්ෂ දහයක් රටේ තියෙනවා. එක ගහකින් පොල් ගෙඩි 55ක් අපේක්ෂා කරනවා.එම ප්‍රමාණය 70 දක්වා වැඩි කරගන්න බැලුවා නමුත් බැරි වුණා. ගිය වසෙර් ඩොලර් මිලියන 782ක අපනයන ආදායමක් ලබා තිබෙනවා පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින්. පොල් හිඟය දැන් විශාල ප්‍රශ්නයක් වෙලා . සුදු මැස්සා නිසා වූ හානිය විශාලයි. ඉඩම් කට්ටි කිරීමත් පොල් හිඟයට හේතුවක්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT