මඩකලපුව දිස්ත්‍රික්කය තුළ අනීතිකව සිදු කරන කාර්යයන් නැවැත්වීමට ආණ්ඩුව පියවර ගතයුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවසීය.
පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
“මඩකලපුව දිස්ත්‍රික්කයේ පසුගිය කාලයේ කැලෑවට අයත් ඉඩම් අපයෝජනයට ලක් වුණා. ඒ ප්‍රදේශයේ අලි වැටෙන් ඇතුළේ පෞද්ගලික ඉඩම්, නීති විරෝධී ලෙස අල්ලාගෙන සිටිනවා. වෙනත් ප්‍රදේශවල වනාන්තරය තුළට යන්න බැහැ. නමුත් මඩකලපුව දිස්ත්‍රික්කයේ කෙවිලියා කියන ගමේ නීති විරෝධී අල්ලා ගැනීම් සිදු වෙනවා. ආණ්ඩුවේ පුද්ගලයන් නිලධාරීන්ට තර්ජනය කරමින් මේ අල්ලා ගැනීම් සිදු කරනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ ගැබිනි මවුවරුන්ට පසුගිය ආණ්ඩුව කාලයේ රුපියල් 5000 ක සහන මල්ලක් දුන්නා. ඒ දුන් මල්ලෙන් රුපියල් 2000ක හොරකමක් සිදු කළා. දේශපාලනය කිරීමට ඕනෑම අයෙකුට අයිතිය තිබෙනවා. නමුත් සංවිධායකයන් කියලා කියන පුද්ගලයන්ට පැමිණ මඩකලපුව දිස්ත්‍රික්කයේ අනීතික වැඩ කරන්න බැහැ.”