විශ්‍රාමික ජනාධිපතිවරුන්, ඔවුන්ගේ ආර්යාවන් සහ දේශපාලනඥයන් නඩත්තු කිරීමට ජනතාව මත පටවා ඇති බරෙන් ජනතාව නිදහස් කරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවසීය.
පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
“මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් ජනතාවට සහන ලබා දෙනවා.
රටේ බලයට පත් වූ ආණ්ඩු, ජනාධිපතිවරු නොකළ වැඩක් අපි කරමින් සිටිනවා. විශ්‍රාමික ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ ආර්යාවන් බලා කියා ගැනීමෙන් රටේ ජනතාව ගලවා ගනිමින් සිටිනවා. රටේ ජනතාවට අපි ලබාදෙන්නේ කොතරම් ආර්ථික නිදහසක් ද, කොතරම් බරක් අඩු කරනවා ද යන්න සංඛ්‍යාලේඛන සහිතව මම ඉදිරිපත් කරන්නම්. විශ්‍රාමික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. කොළඹ පහේ ඔහුට ගෙයක් වෙන් කර තිබුණා. එම ඉඩම අක්කර එකයි පර්චස් හතරයි. එම ඉඩමේ වර්තමාන වෙෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 2542 යි. ඒ තිබෙන මන්දිරයේ වර්තමාන වෙෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 56.5 යි. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් වෙන් කළ මන්දිරයේ සමස්ත වෙෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 2598.5 යි. වර්තමාන වෙෙළඳපොළේ මාසික කුලිය අනුව ගත්විට මේ ගෙදර මාසික කුලී වටිනාකම රුපියල් 1,275,000 ක් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා දැන් මේ වනවිට ඒ නිෙවසෙන් ඉවත්ව සිටිනවා. ඊළඟට පැජට් පාර, කොළඹ – 05 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වෙන් කළ මන්දිරය. ඉඩම අක්කර එකයි පර්චස් 28.7 යි. ඉඩෙම් වර්තමාන වෙෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 3019.2 යි. එහි මන්දිරයේ වර්තමාන වටිනාකම රුපියල් මිලියන 113 යි. සමස්ත ඉඩමට හා මන්දිරයට රුපියල් මිලියන 3132.2 ක වටිනාකමක් තිබෙනවා. එහි මාසික කුලී වටිනාකම රුපියල් ලක්ෂ 29 යි. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාත් ඉන් ඉවත්ව සිටිනවා. ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මිය හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, කොළඹ – 07 රූඩ් 1 යි පර්චස් 10.9 ක ඉඩමේ හදා තිබූ මන්දිරයේ ඉඩමේ වටිනාකම රුපියල් මිලියන 890.8 යි. මන්දිරයේ වටිනාකම රුපියල් මිලියන 42.8 යි. ඉඩම හා මන්දිරය දෙකේම එකතුවේ වටිනාකම රුපියල් මිලියන 933.6 යි. වර්තමාන වෙෙළඳපොළ වටිනාකම අනුව මාසික කුලිය රුපියල් ලක්ෂ 11 යි. එතුමියත් 2023 වසරේදී ඉන් ඉවත් වුණා. විශ්‍රාමික ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. ඔහු සිටි ගෙදර හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ රූඩ් 1 යි පර්චස් 15.1 යි. ඉඩමේ වෙෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 964.3 යි. මන්දිරයේ වටිනාකම රුපියල් මිලියන 41.2 යි. ඉඩම හා මන්දිරයේ වටිනාකම මිලියන 1005.5 යි. මේ මන්දිරය වර්තමාන වෙෙළඳපොළ මාසික කුලිය ලක්ෂ 9 යි. එතුමා තවම එහි සිටිනවා.
දැන් මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඔක්කෝම එක්ව සංසදයක් හදාගෙන තිබෙනවා, මහින්ද රාජපක්ෂගේ ගේ බේරා ගැනීමේ සංසදය. කොළඹ 07 විජේරාම මාවතේ අක්කර 1 යි පර්චස් 13.8ක ඉඩමේ වර්තමාන වෙෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 3128.4 යි. මේ ගෙදර වර්ග අඩි 30534ක් විශාලයි. මේ ජෝඩුවට ඉන්න වර්ග අඩි 30,534ක මන්දිරයක් වෙන් කරනවා. එහි වටිනාකම රුපියල් මිලියන 229 යි. ඉඩමේත් මන්දිරයේත් වටිනාකම රුපියල් මිලියන 3357.4යි. මේ ගෙදර මාසික කුලිය රුපියල් ලක්ෂ 46 යි. මේ ගෙදර බේරා ගැනීමට තමයි පක්ෂ භේදයකින් තොරව කට්ටිය කතා කරන්නේ. මේ නිවාස නඩත්තු කිරීමට 2020, 2021, 2022, 2023, 2024 වසරවල වියදම් කර තිබෙනවා. හේමා ප්‍රේමදාස මහත්මියට 2020, 2021 වසරවල රුපියල් 837,265 ක් වියදම් කර තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් රුපියල් 1,933,980 ක් වියදම් කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් රුපියල් 16,824 මහින්ද රාජපක්ෂ මහතා ජීවත්වන ගෙදර නඩත්තුවට 2020 දි රුපියල් 3,382,892 යි. 2022 දී රුපියල් 395,000 යි. 2023 දී නිෙවස අලුත්වැඩියාවට රුපියල් මිලියන 18.336 යි. එස්කැලේටරයක් හයි කරන්නට රුපියල් ලක්ෂ 150.9 යි. ජෙනරේටරයක් මිලදී ගැනීමට රුපියල් 4,885,843 යි. 2023 වසරේ විතරක් මහින්ද රාජපක්ෂ මහතා පදිංචි ගෙදර නඩත්තුවට රුපියල් ලක්ෂ 383 ක් වියදම් කර තිබෙනවා. ”