Home » මුහුදු මාර්ගයෙන් සිදුවන මත් ජාවාරම වැළැක්වීමට අමෙරිකාවේ සහාය

මුහුදු මාර්ගයෙන් සිදුවන මත් ජාවාරම වැළැක්වීමට අමෙරිකාවේ සහාය

by mahesh
January 24, 2025 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

මුහුදු මාර්ගයෙන් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීමට අමෙරිකානු රජයෙන් ශ්‍රී ලංකාවට උපරිම සහාය දෙන බව අමෙරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය පැවසුවාය.ධීවර ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ තානාපතිනිය අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පෙරේදා (22) කොළඹදී පැවැති අතර එහිදී ඇය මේ බව ප්‍රකාශ කළාය. එහිදී ශ්‍රී ලංකාවේ ධීවර අංශය ශක්තිමත් කිරීම සහ එහි ඇති මූලික අභියෝග පිළිබඳව අවධානය යොමු වූ අතර ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය වෙත අමෙරිකානු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ආයෝජක සැසි සංවිධාන කිරීම සහයෝගය ලබා දෙන බව ජූලි චංග් මහත්මිය සඳහන් කළාය. එමගින් නව ආර්ථික අවස්ථා උදා කර ගැනීම ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා වැදගත් බව ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙහිදී අවධාරණය කළේය.

මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීම සහ සාගරයේ ආරක්ෂාව තර කිරීමට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බළකාය ශක්තිමත් කිරීමත්, නාවික තාක්ෂණය යාවත්කාලීන කිරීම හා ඒ සඳහා තාක්ෂණික සහාය ලබා ගැනීමේ කඩිනම් අවශ්‍යතාව පිළිබඳවත් ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර ඒ සඳහා අමෙරිකාවේ සහයෝගය ලබාදීමට අමෙරිකානු තානාපතිනිය කැමැත්ත පළ කළාය. ධීවර ඇමැතිවරයාගේ පෞද්ගලික ‍ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා ඇතුළු කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT