Home » ගණිත තරගාවලියේදී කුරුණෑගල ලයිසියම් සිසුන් තිදෙනකුට රන් පදක්කම්
අග්නිදිග ආසියා ඔලිම්පියාඩ්

ගණිත තරගාවලියේදී කුරුණෑගල ලයිසියම් සිසුන් තිදෙනකුට රන් පදක්කම්

by mahesh
January 24, 2025 1:00 am 0 comment

කුරුණෑගල අතිරේක-පුෂ්පකුමාර ජයරත්න

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවති අග්නිදිග ආසියානු ඔලිම්පියාඩ් ගණිත තරගාවලියට (South-East Asian Mathematical Olympiad X 2025 Championship Global Round) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන නුරේෂි රුවිත්මා හෙට්ටිආරච්චි,මෙතූෂ බාලසූරිය සහ යසාරා නෙතුමිණි දිසානායක සිසු සිසුවියන් තිදෙනා රන් පදක්කම් දිනා මවුබිමට ගෞරවයක් අත්කර දී තිබේ.

ලොව පුරා රටවල් 24කින් තරගකරුවන් 1500ක් තරග කළ මෙහිදී අන් සියලු රටවල් අභිභවා වයස අවුරුදු 6 – 8 කාණ්ඩයේ ලෝකයෙන්ම අංක 1 දිනාගත් නුරේෂී ⁣රුවිත්මා හෙට්ටිආරච්චි සහ අංක 2 දිනාගත් යසාරා නෙතුමිණි දිසානායක රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ. නුරේෂි සහ මෙතූෂ 3 වසරේ ද යසාරා 5 වසරේ ද ඉගෙනුම ලබන සිසුහු වෙති.

මොවුන්ට අමතරව එම පාසලේම යසස්වි රාජපක්ෂ ,නෙතුම්ලි රත්නායක, පන්සිළු ඩින්සිස් සිසුන් රිදී පදක්කම් ද මෙසන්දි සුපුල්යා, හසඳු ඒකනායක, ස්නේහා රත්නායක, තෙසල් අත්තනායක, විහස් ජයසේකර සිසුන් ලෝකඩ පදක්කම් ද ජයග්‍රහණය කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT