Wednesday, April 9, 2025
Home » කළුතර එකම පවුලේ තිදෙනකුට මන්නාවලින් කොටාලා රෝහලේ

කළුතර එකම පවුලේ තිදෙනකුට මන්නාවලින් කොටාලා රෝහලේ

by mahesh
January 24, 2025 1:00 am 0 comment

කළුතර මධ්‍යම සමූහ - සුනිල් ස්ටැන්ලි

කළුතර, හෙන්දාවත්ත ප්‍රදේශයේදී ඉකුත් 21 වැනිදා රාත්‍රී 11.00ට පමණ මන්නාවලින් පහරදීමෙන් තුවාල ලැබූ එකම පවුලේ තිදෙනකු කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මේ ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ සසංක කුමාර, ඔහුගේ සොයුරිය වන සසිනි අමල්කා සහ ඇගේ සැමියා වන කවිඳු ප්‍රසාද් තිදෙනායි. කළුතර, ගමගොඩ පාරේ හෙන්දාවත්තේ පදිංචි මීමනගේ ජයවතී ප්‍රනාන්දු (50) යන අය පොලීසියට පැමිණිලි කර ඇත්තේ පිරිසක් නිවසටම පැමිණ පුතාට මන්නා පිහිවලින් පහරදුන් බවත්, බේරීමට ගිය දුවට හා බෑනාටද තුවාල සිදු වූ බවත්ය.

මේ මන්නා ප්‍රහාරයෙන් පුතාගේ දකුණු අත සහ දණහිස වෙන් වන තරමටම කැපී ඇතැයි ඇය පොලීසියට කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි. දකුණු කළුතර පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මිලාන්ත් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT